Posts

ජීවමාන කලාකරුවාණනේ.......

Image
හිරුට නැත උපමා හිරු හැර... සඳුට නැත උපමා සඳු හැර... ඔබට නැත උපමා ඔබ හැර... රටට නැත සම්පත් ඔබ හැර... දැයේ සැම දන සතුට සදමින්... ගයා ගී වැල්... වයා සත් සර... රැඟුම් රැඟුවා සතොසිනේ... ලියා පත පොත සොඳුරු විලසින්... මතු කළා කවි පදත් මනරම්... පුබුදුවා රස හැඟුම් දන මන... තුටු කළා සැම සතොසිනේ... කලාකරුවාණනේ අපගේ... ඉටු කළා ඔබ මෙහෙය ඔබගේ... රට දැයට වාසනාවන් සැමදා... උපහාර වේ මේ කවි මල් කුසුම්... ජීවමාන කලාකරුවන්ට මෙය උපහාරයක් ම වේවා! චිරං ජයතු!...... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

සූරිය වරුණා......

Image
ලොවේ අඳුර දුරු වී.... ළහිරු කිරණ ආවා.... නව දිනක් උදා වී.... උදා සිරිය ආවා.... සියොත් ගී අසාලා.... ලොවම අවදි වීලා.... රන් හිරු රැස් පායාලා.... මල් පෙති සිනහා පාලා.... හිරු කුමරුන් ඇවිදිල්ලා.... නව සිතිවිලි පිබිදී.... නව සැලසුම් වඩලා.... දවසම සරු වේවා!.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා 

සංගීත කලාවේ, හෙළ වෙණ තත අද බිඳිලා....

Image
සංගීත කලාවේ, හෙළ වෙණ තත අද බිඳිලා.... සැමට හොරෙන් ගෙවිලා දුකිනේ.... නළවා අප සැම, බිඳී ගියා ඔබ.... කවුරුන් තනන්නෙ ඔබ වෙණ තත අද දැන්.... නිහඞයි අද ඔබගේ රස ගී සර.... දුකින් හඞනවා ඔබ වෙණ තත අද.... රැව් පිළිරැව් දෙනවා ඔබ ගී නඳ තාමත්.... නළවා, පුබුදා, පිනවා අප දෙසවන්.... විකසිත පෙම් පොකුරු පියුම්.... හන්තානේ කඳු මුඳුන සිසාරා.... ගයන්නෙ කවුරුන් දැන්.... වක්කඩ ළඟ දිය වැටෙන තාලයට.... සන්නාලියනේ සන්නාලියනේ.... ගයන්නෙ කවුරුන් දැන්.... අමයුරු ගී සර නිහඞයි ගී ලොව දැන්.... කවුරුන් එන්නේ දෙව් විමනෙන් අසන්න ගී රස දැන්.... ගීත කලා ලොව ඉකි බිඳිනා හඞ දැනිලාදෝ  දැන් දැන්.... කඳුළැලි ඉනුවා ඇස, හිස කකියා, දුකිනේ හදවත දැන්.... කිරුළ හිමි ගී ලොවේ සැමදා රජුය ඔබ සැමදා.... කිරුළ හිමි හෙළ ගී කෙතේ සැමදා ගොවි රජුය ඔබ සැමදා.... අස්වදා හෙළ ගී කෙතම සැමදා ඔබ දුන්නා බත සැමදා.... සසර වසනා තුරා නැවතත් සැමදා රැක ගන්න අප සැමදා.... හෙළයේ මහා ගාන්ධර්වයාණනි ඔබට නිවන් සුව පතමු! කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

සතුට ඉතිරෙන .... දීපවාලී උත්සවයක් වේවා!

Image
අඳුර දුරු වී පහන් දැල්වෙන අාලෝකයෙන් බබළන, සෞභාග්‍යමත්, සිත් පහන් දැල් වී, සතුට ඉතිරෙන ....  දීපවාලී උත්සවයක් වේවා! Wishing U & Ur Family a Very Happy & Prosperous Deepawali Festival Day!

විනාඩි 5ක් ඉන්නකෝ පැටියෝ....

Image
බිරිඳ : විනාඩි 5ක් ඉන්නකෝ පැටියෝ.... ස්වාමියා : විනාඩි 5 ඉවරයිනේ පැටියෝ.... බිරිඳ : පොඩ්ඩක් ඉන්නකෝ පැටියෝ.... විනාඩි 5, විනාඩි 30, පැය 1, ...... වේවි.... ස්වාමියා : විනාඩි 5න් එනවා පැටියෝ.... බිරිඳ : ඉක්මනට එන්නකෝ පැටියෝ.... ස්වාමියා : මම ඉක්මනට එනවා පැටියෝ.... විනාඩි 5, විනාඩි 30, පැය 1, ...... වේවි.... මුලින් ම එන්නේ කවුරුන්දැයි.... විසඳන්නට ඔබ හට බාරයි....

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
I am very thankful that u are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 3k. Thank u for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations.

වස්සානය ඇවිල්ලා....

Image
සිසිල් පවන් සැල් ගත දැවටෙනා.... සිසිල් පිණි පොදින් විකසිත වෙනා.... තුරුලතා මලින් නැහැවෙනා.... සීත මීඳුම් දුහුල් සළු එළනා.... විහඟ ගී නඳින් පිබිදෙනා.... තුරු හිස් ඵලින් බබළනා.... මිහිමඞලේ නව පණ ලබනා.... සිසිල් හැඟුමින් හද විකසිත වෙනා.... සිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්.... සිත පුරා මල් සිහින පෙනෙනා වසන්තය ඇවිදින්.... ගත පුරා සිසල විඳිනා වසන්තය ඇවිදින්.... මන බඳන සොඳුරු වස්සානය ඇවිදින්.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා