Posts

පාඨක රසික සහෘද ඔබට උපහාර වේ මේ පද වර්ණනා.......

ඔබ නොවන්නට.... පාඨක රසික සහෘදයාණනේ.... කලාකරුවා නොමැත මිහිපිට.... දදුළවයි.. බබළවයි.. නිති ඔහු.... ඔබේ කිත් යසස් පැසසුම් ලබා.... ඔබ පිදුම් ලැබ දිරි ලබා.... දැයේ සැම දන සතුට සදමින්.... ගයා ගී වැල්.... වයා සත් සර.... රැඟුම් රැඟුවා සතොසිනේ.... ඔබෙන් ලද පන්නරය සමඟින්.... ලියා පත පොත සොඳුරු විලසින්.... මතු කළා කවි පදත් මනරම්.... පුබුදුවා රස හැඟුම් දන මන.... තුටු කළා සැම සතොසිනේ.... රසික පාඨක මිතුරනි.... ඉටු කළා ඔබ මෙහෙය ඔබගේ.... රට දැයට වාසනාවන් සැමදා.... උපහාර වේ මේ කවි මල් කුසුම්.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 7K. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations.

පොසොන් සඳ පායලා.......

Image
පොසොන් සඳ පායලා.... ලස්සනයි අද අහස.... දම් අමා ගඟ ගලා.... සනසවයි මිහිතලය.... මිහින්තලෙන් නැග එනා.... දම් අමා සිසිලසින්.... ලක් දෙරණ පිබිදුණා.... මිහිඳු හිමි වැඩි දිනා.... තිස්ස රජු බිය වෙලා.... දමා දුණු හී පසෙක.... සැනසුණා බණ අසා.... නමදිමින් හිමි දෙපා.... මෙත් සිසිල පැතිරුණා.... නැවත මා ලක් බිමේ.... ලක් දෙරණ වෙත එදා.... මිහිඳු හිමි වැඩි දිනා.... ගමයි පන්සලයි සහ.... වැවයි දාගැබයි නිති.... මතු කළා හෙළ බිමේ.... දම් කිරණ වැටීලා.... හෙළ පියුුුම් පිබිඳුණා.... දම් කිරණ වැදීලා.... හෙළ බිමම බැබලුණා.... හෙළ බිමම සැනසුණා.... මිහිඳු හිමි නැමඳලා.... ලක් අහස පුරාවට.... අඳුර පලවා නැඟේ.... දම් අමා පොසොන් සඳ.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

සොබාදම් මෑණියනි........

Image
සීත මීදුම් වළා අතරින්.... සිසිල් මඳ නල හමා එයි.... වනේ වන දෙව්ලියගෙ තුරුලින්.... ගතට සිසිලස නිති දැනෙයි.... රන් හිරු රැසින් දිඳුළන.... වනේ අසිරිය මනහරයි.... තුරුලතා මල් පලින් බරවී.... දකින නෙත් සිත් පුබුදවයි.... තඹරු මල් පිපි සුනිල් විල් තෙර.... හිරු රැසින් නිති බබළවයි.... සිසිල් දිය රැළි නඟන තාලය.... කෝමලයි මා සිත් පිනයි.... කැදලි සදනා සතුට විඳිනා.... සියොත් කැළ රස ගී ගයයි.... ගොදුරු සොයනා සිත්සෙ වසනා.... වන සතුන් සහ අප  ඔබගෙමයි.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

ලා දලු බෝපත් සැලෙනා....

Image
නෙක නෙක වර්ණා පාලා.... ලා දලු බෝපත් සැලෙනා.... නෙත් පිනනා සැටි දැකලා.... මා හද සිතිවිලි පුුබුුදු කළා.... ලා රතු පැහැයෙන් දිලෙනා.... ලා දම් පැහැයෙන් දිලෙනා.... ලා කොළ පැහැයෙන් දිලෙනා.... ලා දලු බෝපත් සැලෙනා.... ලා හිරු රැස් සැම වැටිලා.... දිලිිසෙන බෝපත් සැලෙනා.... නෙත් සනසාලා.... සිත් සනසාලා.... බුදු නෙත් කැලුමින් නැහැවී.... අප සැම දුක් දුරු කරනා.... ආසිරි ලැබගමු දිවියට අපගේ බෝ සමිඳුන් අප වැඳලා.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

දෙපා ලදිමි.......

Image
මිනිස් භවයේ ඉපදුනෙමි; කුමක් හෝ පිනකින්....... නමුත් හනි හනික පියාඹමි; ජීවන ගුවන් ගැඹ සිසාරා....... තරඟකාරීත්වය පෙරමුණ ගෙන ඇත....... කිනම් වරදක් විණිදැයි නොහැඟේ. එනමුදු වරදක සේයාවක් ඇස ගැටෙයි; අහස් ගැබේ ජීවන මං තලාවේ....... ඔවුනොවුන් පරයන්නට වෙර දරයිි....... දිවා රෑ නොබලා වෙහෙසුණ ද, දිවියෙහි යථාර්ථය පසක් නොවුනේ; මක් නිසාදැයි නොදනිමි. දනිමි පිය නැගූ අතීතය; ගෙවී ගියේ....... දෙපා නොලද්දකු ලෙසින් බව. අනාගතය වෙත පිය නඟමි....... දෙපා ලද්දකු ලෙසින්....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

වැස්ස වළාහක දෙවියනි, දිවැස් හෙළනු මැන...

Image
දිවැස් හෙළන්න.. දිවැස් හෙළන්න.. මේ දුක් අහසට.... විකසිත කරන්න.. විකසිත කරන්න..  මගේ මේ මිහිකත.... සියලු දන හද සනසා.. පිහිනා එන්න.. පිහිනා එන්න.. විගසින්ම.. විගසින්ම.. පුබුදු කරනු මැන.. පුබුදු කරනු මැන.. මගේ ලක් මාතාව.. ඔබේ  සිසිල් දිය දහරින්.. රැක ගනු මැනව.. රැක ගනු මැනව.. හිරුගේ උ ණුසුම් රැස් දහරින්.... මගේ ලක් මාතාව.. පෙර රැකූ ලෙසටත් වඩා.. මහත් අදරින්.. මහත් අදරින්....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා