Posts

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
දැනට 20,000 ට වඩා මාගේ නිර්මාණ බලා රස විඳ ඇති බව සතුටින් දන්වමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම්  ඉතා  අගේ කොට සිහිපත් කරමි. මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි.  I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 20K. Of-course, the reality is that this accomplishment couldn’t have happened without you, the readers of my blog. When I sit down to write about the ideas or insights I want to share here, there’s always that consideration in my mind of how this can benefit you. With so many wonderful resources and bloggers out there sharing great content and ideas, I want to make sure that readers are happy with their decision to spend some of their time here on my blog. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations. ඔබෙන් ලද පන්නරය සමඟින්.... ලියා පද වැල් සොඳුරු විලසින්.... මතු කළා කවි පදත

අම්මා....

Image
පායා සුපුන් සඳ විලසින් අප      නිවසේ.... ආලෝකය දෙමින් නිබඳව හැකි විලසේ.... සැමදා දෙමින් ආදර සිසිලස   සතොසේ.... දුක් සැම ඉසිලුවා නිබඳව හද      රහසේ....    දස මස කුස දරා අපමණ දුක්       වින්දා.... දින දින ගෙවී අප ලොකු වන      හින්දා.... සිහිනෙන් පවා සිතමින් දකිමින්   රන්ඳා.... අප ලොකු කරන්නට නව මාළිඟ බැන්දා.... සෙනෙහස් ගඟුලෙ අප පා කර හැමදාමත්.... ජීවය දුන්නා නැඟිටින්නට       හැමදාමත්.... වැටුණත් නැඟිටින්න දිරිගෙන හැමදාමත්.... අප සමඟින් සිටියා නෑ අහිතක් හැමදාමත්.... ඔවදන් දිදී රැක ගත්තේ දෙනෙත් මෙනී.... නිසිමග යවන්නට හැකි හැම විලාසෙනී.... දිරි දී සවිය දී නිබඳව             දයාවෙනී.... අම්මා තමයි මගෙ ලොව සැමදා රැජිණී.... ඔබ විඳි දුක් කඳුළු සිහිකර සිත   දුකිනී.... ඔබ දුන් අවවාද සැම මට       ඔවාමිණී.... විඳගෙන මගේ ජීවය මා නිති     පලිනී.... පුදදෙමි අම්මේ මේ ජීවය සිත තොසිනී....   කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා

වෙසක් සඳේ සඳ එළියෙන් ලොවම දිලෙන්නා!

Image
ලොවේ අඳුර පලවා.. නැඟේ සුපුන් සඳ කෙමෙන් කෙමෙන්.. වළා සිදුරු අතරින් එබී බලා සැණෙකින්.. දිලේ දිලේ සතොසින්.. ලොවේ අඳුර දුරලූ.. ලොවට සුවය සෑදු.. ලොවට සෙතම සෑදු.. වඳිමුු වඳිමුු මුනිඳු.... වෙසක් සඳේ සඳ එළියෙන් අහස දිලෙන්නා! සිසිල් සඳේ සඳ කිරණින් ලොව නැහැවෙන්නා! දම් අම ගංගා ගලමින් සුුවය සදන්නා! මිහිතලයම ඒ සිසිලෙන් සැනසී යන්නා! සිහි කරමි මම් බැති සිතින්.. බුදු පියාණනි නමඳිමින්.. උතුම් බුුදු ගුණ සිත දරන්.. තනන්නට වෙසඟ සිරි කව් සැදැහැයෙන්.. පුරා දස පාරමී විරියෙන්.. ලොවට වැඩි අප බුදු පිියාණන්.. උපන් ඒ සල් මල් උයන්.. සුපිපි නෙළුමන් මතින් පියමන්.. මහත් දුක් හැම දරාලා.. මැදුම් පිළිවෙත පුරාලා.. මහත් විරියෙන් භවුන් වඩලා.. උතුම් බුදුබව පසක් කරලා.. ලොවේ ඝණඳුර දුරු වුණා.. ලොවේ සැම දන තුටු වුණා.. ලොවේ සැම සත පිබිඳුණා.. සදෙව් ලෝතල තුටුු වුණා.. නොදනිම් සම්බුදු පියාණනේ.. කෙසේ ඔබ ගුණ වයන්නෙම්.. දරා සිත බැති මල් පියුම්.. පුදමි සම්බුදු පියාණනේ.. පතුරා මෙත් කරුණා ගුණ.. නිවාලා සැම සත දුකින.. ගෙවාලා දුර පා ගමනින.. භවේ ඝණඳුර නිමා කරමින.. සිහිකරමු තෙමඟුල බැති සිතන්..

සූර්‍ය මංගල්ලේ.......

Image
බක් මාසේ අද.... සූූර්‍ය මහ රජ කොයි යන්නේ.... මීන රාශියෙන් මේෂ රාශියට.... අළුත් ගමනකිය අද යන්නේ.... සමන් දෙවිඳු කරුණා කරලා.... අළුත් ඉරක් අද පායාලා.... අළුත් සහල් මංගල්ලෙන්.... සිරිමා බෝ සමිඳුත් පුදලා.... ගස් වැල් පිබිදී නව පණ ලබලා.... මල් ඵල බර වී තුටු වීලා.... අටු කොටු පිරිලා සැම සිත් තුටු වී.... භගවත් මාසය එළඹීලා.... අවුරුදු කුමරුගෙ වසත් කුමරියගෙ.... මංගල වීණා වැයෙන මාසයයි.... අවුරුදු සිරියෙන් මංගල සිරියෙන්.... කෝකිල කූජන නැගෙන මාසයයි.... එරබඳු, බක් මී මල් සැම පිපිලා.... ගස් වැල් සිරියෙන් පිබිදීලා.... සුුවඳ දිදී අද සැම තැන වැටිලා.... ජය මංගල්ලෙට ආවඩලා.... එකම නැකතකට ජාතිය එක්වී.... පන්සල් යන්නේ.. බුදුන් වඳින්නේ.... ලිප ගිණි මොලවා කිරි උතුරාලා.... කිරිබත් පිසලා.. වැඩ අල්ලන්නේ.... ගණු දෙනුු කරලා සැම දෙන තුටු වී..... අවුරුදු සිරියෙන් පිබිදීලා.... හිස තෙල් ගාලා.... ගත සිත පිබිදී.... අවුරුදු සිරියෙන් සැනසීලා.... නෑගම් යන්නේ සතුට බෙදන්නේ.... සැම සිත් සමඟිව තුටුු වන්නේ... සතුට ලබන්නයි සතුට පුදන්නයි.... අවුරුදු කුමරුන් මේ එන්නේ.... සූරිය මංගල වසත් සැණ

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
දැනට 19,000 ට වඩා මාගේ නිර්මාණ බලා රස විඳ ඇති බව සතුටින් දන්වමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා අගේ කොට සිහිපත් කරමි. මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි.  I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 19 K. Of-course, the reality is that this accomplishment couldn’t have happened without you, the readers of my blog. When I sit down to write about the ideas or insights I want to share here, there’s always that consideration in my mind of how this can benefit you. With so many wonderful resources and bloggers out there sharing great content and ideas, I want to make sure that readers are happy with their decision to spend some of their time here on my blog. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations. ඔබෙන් ලද පන්නරය සමඟින්.... ලියා පද වැල් සොඳුරු විලසින්.... මතු කළා කවි පදත් මන

සා. පෙළ ලියූ මගෙ නංගියේ මගෙ මල්ලියේ.......

Image
මල් කැකුළු වන් මගෙ සුරතල් නඟේ.... මල් කැකුළු වන් මගෙ සුරතල් මලේ.... හිනැහී සදා අප සනසන් නඟේ.... හිනැහී සදා අප සනසන් මලේ... දින දින ගෙවී.... මගෙ නංගියේ.... දින දින ගෙවී.... මගෙ මල්ලියේ.... ප්‍රතිඵල ඇවිත් විභාගයේ.... ප්‍රතිඵල බැලූ මගෙ නංගියේ.... ප්‍රතිඵල බැලූ මගෙ මල්ලියේ.... සතුටින් ද ඔබ දැන් අද දිනේ.... මව් පිය පැතුම් ඉටු කළ සොඳින්.... මගෙ නංගියේ තුටු වී සොඳින්.... මගෙ මල්ලියේ තුටු වී සොඳින්.... ගෙන යන්න ඉගෙනීම සැමදා සොඳින්.... ප්‍රතිඵල බැලූ මගෙ නංගියේ.... ප්‍රතිඵල බැලූ මගෙ මල්ලියේ.... දුක් වූවදෝ ඔබ දැන් ඉතින්.... ප්‍රතිඵල මදී සිතලා සොවින්.... ඉටුු කළෙ නැතැයි මව් පිය පැතුම්.... විභාගයෙන් ඔබ අසමත් වුවත්.... දිරි ගෙන සිතින්.... හැකි වෙර යොදා.... ඉගෙනීම නිබඳා.... කළදා නඟේ.... ඉගෙනීම නිබඳා.... කළදා  මලේ.... මතු දා වාසනා වේ මගෙ රන් නඟේ.... මතු දා වාසනා වේ මගෙ රන් මලේ.... මා පිය පැතුම් හැම ඉටු කොට සොඳින්.... රට බබළවා, ලොව බබළවා.... ඔබේ නම රන්දා සිරි ලක් බිමේ.... ඔබේ නම රන්දා මේ මුළු ලොවේ.... පා නගන්නට ලොවට මගෙ රන් නඟේ.... පා නගන්නට ලොවට මගෙ රන් මලේ....

ශුභවාදී අැස....

Image
මිනිසා ගෙන යාවි කඳුලු නිම්නය වෙත... මක් නිසාද යත්.... නිබඳවම සිත වැලපී අැත අසතුටින්.... අන්ධකාරය ඔහු වෙලා ගත් සඳ; ඔහු කෙසේ ඉන් මිදෙන්නද? ඔහුට නොපෙනෙන අාලෝකයට මැසිවිලි නඟනු අැත එවිට.... එහි අරුත ඔහු නොදත්තද එසේ කිරීමෙන් හදට සැනසුම් සුසුම් ගෙන දෙන්නට අැත.... නමුත් එය සිහින් නිමේෂයකට පමණී... නැවත ඔහු වෙත කඳුලක සෙවණැලි ගලා එන්නට අැත.... අැයි මසිතට මෙසේ දුක උරුම වූයේ... ඔහුට සිතෙන්නට අැත. එවිට ඔහු පමාවී හමාරය; ශුභවාදීව දකින්නට තරම්වත්... ඔහුට හිමි ශුභවාදී දෙනෙතින්....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා