Posts

මිලින කුසුම්.....

Image
 විකසිත විණි තඹරු මලක් මෙන්... ඒ තරුණ කුමරිය.... විකසිත වත්ම ඒ සියුම් මල් පෙති, තලා වනසන්නට තරම් සැහැසි වූවෝ කවුරුන්ද? මිනිස් භවයේ උපත ලද්දන්ම නොවේද? මාපිය හදේ දැවෙනා ලසෝ ගිනි..... කාට නම් නොපෙනේද? මිනිස් වෙසින් දිවි ගෙවන්නාවූ මෙවන් මිනිසුන්ගෙන්, රැකගත යුතුය ඒ තඹරු මල්..... නැතහොත් කෙසේ විකසිත වන්න ද, ඒ සියුම් මල් පෙති.......... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

සොයුරියේ.......

Image
පණ පොවමි පන්හිඳට.. ලියන්නට වදනක්.. නුඹ නමින් සොයුරියේ.... නැවත නූපදීවා මෙවන්.. නරුමයන් පිරි ලොවක.... ඉපදේවා මතුත්.. මිනිසුන්ම ඇති ලොවක.... කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා  

නොලිව්වොත් කවියක් ඔබ නමින් චමරියේ..

Image
 නොලිව්වොත් කවියක් ඔබ නමින් චමරියේ.. කුමට මා ලද කවි කම්.... එදා මා ලක්මව රනින් සැරසූ.. ඔබයි රැජිණිය වුනේ අපහට.... නිබඳ පන්දුවෙන්.. පිත්තෙන්.. පෑ විස්කම් සැම දිනේ.. මතකයේ ඇත අපේ සදා.... ආසියාවේ සියළු රටවල් පැරදවූ.. සිංහ දියණියේ.... ඔබෙන් ලද පන්නරය සමඟින්.. හර්‍ෂිතා, කවීෂා ඇතුළු සැම දියණියෝ.. දැයේ විස්කම් පාති..  අපෙ සිංහ දියණියෝ.... ඔබ යකඩ ගැහැණියයි.. මගේ ලක්මව තැනූ.. ඔබෙන් ලද හැකි දේ බොහෝ.. අපේ නව පරපුරට.... නිහතමානී ගුණය, අදිටනින් ජය ගැනුම.. සමඟින් ම උත්සාහය.. චරිතය ද රැක ගැනුම.. අනර්ඝයි කැපවීම....  සිහි කරමි හදවතින්.. අප්සාරී මිස් ඔබත්.. දුන් සහාය සැම විටත්.. ලැබුමට මේ ජයත්.... බොහෝ අය ඇත මෙතෙක්.. උදව් කළ ජය ගන්න.. කාන්තා ක්‍රිකට් අදට..  හෙට රටට ජය ගන්න.. පුදමි තුති හදවතින්.. සැමට මා කවි මලින්.... ලොවක්‍ පරදා රන් කිරුළු දරන්නට.. නුදුරුම දිනෙක.. මගේ ලක් මෑණියන්ට.. පැතුම් මල් පිපේවා.. චමරියේ....   කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා  

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට! I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 32K

Image
  දැනට 32,000 ට වඩා මාගේ නිර්මාණ බලා රස විඳ ඇති බව සතුටින් දන්වමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා අගේ කොට සිහිපත් කරමි. මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි.  I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 32K. Of course, the reality is that this accomplishment couldn’t have happened without you, the readers of my blog. When I sit down to write about the ideas or insights I want to share here, there’s always that consideration in my mind of how this can benefit you. With so many wonderful resources and bloggers out there sharing great content and ideas, I want to make sure that readers are happy with their decision to spend some of their time here on my blog. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations. ඔබෙන් ලද පන්නරය සමඟින්.... ලියා පද වැල් සොඳුරු විලසින්.... මතු කළා කවි පදත් මනරම්.... පුබුදුවා රස හ

අම්මා song

START  තම් දන තානා තන තම් දන තාන තනා..  තෙයි තන තානා තන තම් දන තාන තනා..  සම්මා සම්බුදු සේමයි මා වැඩු මගෙ අම්මා  නම්මාගෙන දෙතන පුරා රස කිරි පෙව් අම්මා  අම්මේ ඔබේ ගුණ කීමට මට නම් බැහැ නිම්මා  සම්මා සම්බුදු සරණයි මා වැඩු මගෙ අම්මා..  OR   දස මාසේ උරේ කත්වා පෝසේසි වුද්දිකාරණං  ආයු දීගං වස්ස සතං මාතු පාදං නමාමි..   OR මහාමායා දේවි ළඟට; ප්‍රජාපතී සාදු සාදු.. මහා සෙනහසේ තොටිල්ල; බෝසතුන්ට සෑදු සෑදු.. ප්‍රජාපතී වෙන්නට බෑ; තිබුණට සිතිවිලි මැදහත් ඔබේ පුතා වුනාට මම නොවේය  කුමරුන් සිදුහත්..        අම්මේ  ඔබ මා වැදූ..  වේවා ලොව මතු බුදු.. අම්මේ  ඔබ මා හැදූ..  වේවා ලොව මතු බුදු..         

නැවුම් පැතුම් සිත දරා.. දෙපා තබමු නව වසරට සතොසින්....

නව වසරක් එළඹෙනා.... ආසිරි මල් පිබිඳෙනා.... මෙත් සිසිලෙන් නැහැවෙනා.... දෑ බැති මල් පිබිඳෙනා.... සමඟි දමින් හැඩ වෙනා.... කුළුණු ගුණෙන් සපිරෙනා.... සිත් මල් සුවඳින් නැළැවෙන.... නව වසරක් එළඹෙනා.... ජය සිරිමා බෝ.. සමිඳු බලයෙන්.... රුවන්වැලි සෑ .. අනුහසින්.... රැක දේවා.. අප සැම දෙන.... ආසිරි මල්.. වරුසාවෙන්.... ගිය වසරේ.. ලැබු පැරඳුම්.... සිත් රිඳවුම්.. ලද ගෙරවුම්.... සිහියට ගෙන.. ලද ජය පැන්.... දෙපා තබමු.. සිත් සතොසින්.... කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට! I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 30K

Image
  දැනට 30,000 ට වඩා මාගේ නිර්මාණ බලා රස විඳ ඇති බව සතුටින් දන්වමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා අගේ කොට සිහිපත් කරමි. මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි.  I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 30K. Of course, the reality is that this accomplishment couldn’t have happened without you, the readers of my blog. When I sit down to write about the ideas or insights I want to share here, there’s always that consideration in my mind of how this can benefit you. With so many wonderful resources and bloggers out there sharing great content and ideas, I want to make sure that readers are happy with their decision to spend some of their time here on my blog. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations. ඔබෙන් ලද පන්නරය සමඟින්.... ලියා පද වැල් සොඳුරු විලසින්.... මතු කළා කවි පදත් මනරම්.... පුබුදුවා රස හ