Posts

Showing posts from February, 2018

සිතක ගී රාවය.......

Image
කිසිවකුට නොඇසෙන්න.. මා හදවතේ ගීතය.. මෙසේ ගයමි මම්.... දින ගණන් වෙහෙසිලා.. සොයාගත් තනුවෙන්ම.. තාලයට සිත පුුරා.... විටෙක සැනසුණා.. විටෙක හිනැහුණා.. ඇසී ඒ නාදයෙන් මා සිතම.... නැළවුණා.. පිබිඳුණා..  මා සිතම ඒ ගී රාවයෙන්.... දිරිය ලැබුණා ගතට.. මගේ ඒ ගීත තාලයෙන්.... සතුටුු වෙමි ඒ ගීය ගයා.. දුක් කඳුළු වියලිලා.. මා සිතම පිබිදිලා.... සිතට එඹිකම් කළෙමි මම්.. කවුරුන් ද ලියන්නේ ඒ ගීතයේ පදවැල්.. කවුරුන් ද වයන්නේ ඒ ගීතයේ තනුවත්.. මම්ම බැව් පසක් විණි මට.... අසන්න ඔබත් ඒ මිහිරි ගීතය.. ඔබ සිතට ළංව.. ඔබේ සිත වයනා..  ඔබේ සිත ගයනා.. පිබිදෙන්න.. ඒ හඬින්.... දිරිගන්න.. ඒ ගීත රාවයෙන්.... ජය ගන්න.. ඔබේ ජීවිතයත්.... ඒ සිතේ මහිමයෙන්....    කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා   

වවලා ගසක් රැක ගමු සොබඳම් මෑණී!

Image
වවලා ගසක් රැක ගමු සොබඳම් මෑණී! දිරි ගමු සිටුවන්න එළවළු නිති පලිනී! වස විෂ නොකා වවලා කමු හද තුටිනී! රැකගමු අපේ දිය බිඳුවත් නොව හානී! හිරු රැස් වැටී බබළන අප ගෙවත්තෙන්.... ගෙන දෙයි සිරිය නිතරම බැලු බැලු පැත්තෙන්.... වවලා වෙහෙස දරලා එය මහන්සියෙන්.... දැනෙනා සතුට නැත වස විෂ කෑමෙන්.... දිරිගමු සිටුවන්න පැළයක් හැකි විලස! දින දින වවමු පැළයක් වී නෑ අලස! රැකලා සොඳින් ඒවා දළුලන විලස! ලැබගමු පලින් බර යුුගයක් හෙට දවස! කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
දැනට 16,000 ට වඩා මාගේ නිර්මාණ බලා රස විඳ ඇති බව සතුටින් දන්වමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා අගේ කොට සිහිපත් කරමි. මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි.  I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 16 K. Of-course, the reality is that this accomplishment couldn’t have happened without you, the readers of my blog. When I sit down to write about the ideas or insights I want to share here, there’s always that consideration in my mind of how this can benefit you. With so many wonderful resources and bloggers out there sharing great content and ideas, I want to make sure that readers are happy with their decision to spend some of their time here on my blog. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations. ඔබෙන් ලද පන්නරය සමඟින්.... ලියා පද වැල් සොඳුරු විලසින්.... මතු කළා කවි පද

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
දැනට 15,000 ට වඩා මාගේ නිර්මාණ බලා රස විඳ ඇති බව සතුටින් දන්වමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා අගේ කොට සිහිපත් කරමි. මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි.  I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 15 K. Of-course, the reality is that this accomplishment couldn’t have happened without you, the readers of my blog. When I sit down to write about the ideas or insights I want to share here, there’s always that consideration in my mind of how this can benefit you. With so many wonderful resources and bloggers out there sharing great content and ideas, I want to make sure that readers are happy with their decision to spend some of their time here on my blog. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations. ඔබෙන් ලද පන්නරය සමඟින්.... ලියා පද වැල් සොඳුරු විලසින්.... මතු කළා කවි පදත් මනරම්...

ලක් සසුනඹරේ ගුරු තරුව නිවි යයි.......

Image
සඳහම් දියරෙන් ලොව නැහැ වූ විමලරතන සමිඳේ....... ලක් සසුනඹර දිලුණ ගුරු තරුවයි ඔබ....... මෙත් දහරින්, සැම දන සනසා.... ලක් බුදු සසුනේ වැඩ සිට.... විනය ධරයි ඔබ ධර්ම ධරයි ඔබ.... විමලරතන සමිඳේ....... සැම දන හද දම්.. සිසිලෙන් පුරවා.... මෙත් ගුණ දහමින්.. දහම් දෙසා.... ලක් දෙරණ ම විකසිත කරවා ලූ..... විමලරතන සමිඳේ....... බොදු දන සැනසූ, විදු සිසු බැබලූ.... විමල රත්න සමිඳේ....... ලක්මව පිබිදූ, ඔබ අද නිහඬයි.... විමලරතන සමිඳේ....... ලක්මව හඬවා, බොදු දන හඬවා.... දැයෙන් නික්මෙනා සමිඳුනි ඔබ අද.... බවුන් වඩා මතු උපදින භවයක.... නිවන් දකිත්වා ඔබ සමිඳේ.......! කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා

නමඳිමු අප මව් භූමි....! රැකගමු අප ලක් මෑණී....!

Image
මා උපන්න දේශයයි....! මා උපන්න භූමියයි....! උදාර හැඟුමන් පුබුදා....! නැළවෙමි ඔබ තුරුලේ....! සැනසෙමි ඔබ සිසිලේ....! සුන්දර මා ලක් මෑණී....! පින්බර මා ලක් මෑණී....! දෑ බැති මල් පුබුදා....! හෙළ විරු සිහි කරලා....! වඳිනෙමු ලක් මෑණී....! රන්මැලි සෑ වෙහෙරේ....! සිරිමා බෝ සිසිලේ....! ඉපිද දැයේ හෙළ බොදු මල්....! දින දින වැඩිලා බැතියෙන්....! දසත සුවඳ දෙනවා....! සිහිකරනෙමු බැති සිතින්....! විරුවන් සැම හදවතින්....! ලේ දහඩිය වැගුරුවා....! දිවියම පූජා කළා....! ලක්මෑණිව රැකගෙන....! කලා වැවේ සිසිලෙනි....! තිසා වැවේ සිසිලෙනි....!  හෙළ මගෙ රට පිබිඳුනේ....! වැව් ගං දිය ඇලි ගලා....! ලක්මෑණිව හැඩ කළේ....! සිරි පැරකුම් රජු අපේ....! දුටුගැමුුණුුත් රජු අපේ....! වැව් දාගැබ් ඉදි කළා....! රට එක්සේසත් කරමින්....! ලක්මෑණිව සැනසුවා....! ලොවෙන් උතුම් රට මගේ....! ලොවට වටින රට මගේ....! දින දින වැජඹේවා....! සැමදා රැකදේවා....! පින්බර මා ලක්මෑණී....! බුදුන් වැඩිය පින් බිමයි....! බුදුන් රකින පින් බිමයි....! ලෝකයේම ජීවයයි....! අප සැමගේ භූමියයි....! සිරි ලංකා මෑණියයි....!

නැඟිටින්නකෝ අම්මේ....

Image
මනරම් දසුනකි.. දෑස් අසල මැවෙනා.... සුරතල් පැටවෙකි.. නිසි සේ දඟ කරනා.... පෙම්බර අම්මෙකි.. කිරි දී සුව දෙවනා.... යන්නේ ගමනකි.. තුටු වී අලි ගමනා.... කෑම සොයන්නයි.. මේ යන්නේ.... අම්මයි පැටියයි.. කුසගින්නේ.... සෙව්වයි සෙව්වයි.. නෑනේ ලැබුණේ.... වනයෙන් පිටවෙයි.. දැන් ගම්මානේ.... මහ විපතකි මේ දැන් සිදු වන්නේ.... ඇසුණේ බිහිසුණු හඬකි අනේ!.... පැටවා නොදනී කිසිවක් වූදේ.... අලි මව් කකුලට වෙඩි වැදුණේ.... අම්මේ! ඇයි මේ බිම ඇද වැටුණේ? නැඟිටින් අම්මේ! නැඟිටින් අම්මේ! පැටවා වෙර දෙයි ගොඩගන්නට මව්.... දෙවියනි! ඔබටත් නොපෙනෙන්නේ.... අම්මා මිය ගිය බවවත් නොදනී.... දැරුවා හැකි වෙර හැම ඒ පැටවා.... පුදුමෙකි මිතුරනි, ඒ දින සතරකි.... හැර ගියෙ නෑ පුතු ඇගෙ අම්මා.... මිනිසුනි, සිතන්න ඔබටත් වූවොත්.... විඳින්න ඒ වැනි මහා විපත්.... මිනිසුන් වාගෙම මේ ලොව සතුනුත්.... ජීවත් වන්නට උරුම බවත්.... කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා