Posts

Showing posts from June, 2018

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
දැනට 21,000 ට වඩා මාගේ නිර්මාණ බලා රස විඳ ඇති බව සතුටින් දන්වමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා අගේ කොට සිහිපත් කරමි. මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි.  I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 21K. Of-course, the reality is that this accomplishment couldn’t have happened without you, the readers of my blog. When I sit down to write about the ideas or insights I want to share here, there’s always that consideration in my mind of how this can benefit you. With so many wonderful resources and bloggers out there sharing great content and ideas, I want to make sure that readers are happy with their decision to spend some of their time here on my blog. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations. ඔබෙන් ලද පන්නරය සමඟින්.... ලියා පද වැල් සොඳුරු විලසින්.... මතු කළා කවි පදත් මන

කිවිඳියක නොවීමි.......

Image
සිත් මල් අහසේ විසිරෙන.... රන්වන් තරුමල් බැබළෙන.... එක්කොට තනනා රස දෙන.... කවි මල් සතුටින් පිබිදෙන.... සිත් මල් අරඹේ රජ වුන.... සිතිවිලි මැනවින් හැසිරුන.... රසතැන් මවමින් ලියවුන.... කවියක් එලෙසින් මතුවුන.... සන්සුන් විලසින් බැසයන.... ගංගා දියරැළි සමවන.... සිත් මල් මැනවින් සතපන.... කවි පද සිසිලස අතුරන.... හඬගා දියරැළි නංවන.... සාගර ජලකඳ පරදන.... සැම සිත් පුබුදා අමතන.... කවි රළ වෙරළත හමුවන... නොදනිමි කෙලෙසින් නිමවමි.... රස කවි එලෙසින් මවමිනි... උගනිමි තවමත් උගනිමි.... අයදිමි සමාව අයදිමි.... මතුකර සැබෑව රන්ඳා.... කවිපද නිබඳව බන්ඳා.... හදවත මෙත් සුව කැන්ඳා.... බැන්ඳා කවිපද බැන්ඳා.... කවි තරු අහසේ පායන.... පෙනෙන නොපෙනෙනා විලසින.... යන්තම් යන්තම් පායන.... තරුවකි සැලෙමින් දිඳුලන.... ගෙන දුන් ඔවදන් ගුරුහරුකම්.... සිහිකර බැතිමල් පුද දෙම් මම්... මතු දින පුබුදන සුවඳ කුසුම්.... කවි සමඟින් එමි සෙනෙහෙන් මම්.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

දැයෙන් සමුගත් ආදරණීය මාධ්‍යවේදියාණනේ....

Image
(2018 ජූනි 5 දින දැයෙන් සමුගත් ආදරණීය මාධ් ‍ යවේදියාණනේ) පුබුදු කරමින් සියළු සිත්සතන්.. බින්දා නිහඬතාවය අපූරුවට.. වදනින් වදන එක් කරමින්.. හීන්සීරුවට.. රස පදවැල් එක් කළා අපූරුවට.... ගෙන ගියා අප සොඳුරු ලෝකයකට.. නවයයි පහෙන් අපූරුවට.. ලොවෙහි අරුමය ගෙනහැරපාමින්.. අප සිත්සතන් පුබුදු කළා.. මනබඳින විලසින් ම.... වදන් හැසිරවීමත්.. තවත් එක් කලාවක් බව.. පසක් කළා ඔබ අපූරුවට.. දැනුඳු රැව් පිළිරැව් දෙමින්.. ඔබේ හඬ උස් පහත් වන.. ඒ අපූර්ව තාලය.. අප දෙසවනෙහි.. දුක් ගීයක් මුමුණන්නාක් මෙනි.. මනබඳින ඔබේ හඬ.. පවනට මුසුකරමින්.. ගලා ගිය ඒ අසිරිමත් වදන් ඇත.. අද ගොළු වෙලා.... දිවියක අනියත බව ඔබ.. මනාව ඔප්පු කළා අප සැමටම.. ඔබේ අපූර්ව ඒ වදන්.. යළි කවදා ඇසේවිද අපට.... කෘතහස්ත සොඳුරු මාධ්‍යවේදියාණනේ.. ලක් මෑණියන් කඳුලේ හෙළා.. දැයෙන් සමුගන්නා ඔබෙන්.. අප ලද සේවය අපරිමාණය.... යළිත් අප දෙසවන් තුළ.. සැබෑවට ම ඔබේ හඬ රැඳෙන්නට.. නුදුරුම දිනෙක ඉපදේවා අප අතරම.. නව පරපුරට ගුරුහරුකම් දෙමින්.. මා ලක් මෑණීයන් පුබුදන්නට.. ආදරණීය මාධ්‍යවේදියාණනේ.... ..........හේම නලින් කරුණාරත්න .....

කෙටි කථාව.....

Image
මගෙ පුතු හපනා.... ---------------------- "අම්මේ.... මං විභාගෙ පාස්...." යැයි සතුටින් පුතා කෑගසාගෙන ම ගෙට ගොඩ විය." "ඇත්තද පුතා?.... මගෙ පුතාට කවදාවත් වරදින්නෙ නෑ.... තාත්තත් හිටියා නම් කොච්චර සතුටු වෙයි ද?" යැයි පිළිවදන් දුන් මසිත හඬා වැටෙන්නට සැරසුණ ද, මා එය වළක්වා ගත්තේ ඉතා අසීරුවෙනි. සතුටින් හිඳින පුතුගේ මුව කමල වේදනාවෙන් පුරවාලන්නට මට නුපුළුවන. පුතා ඉපදෙන්නට සිටි දිනවලදී ම පුතුගේ තාත්තා මෙලොව හැරදමා ගියේ සැවොම හඬවමිනි. ඔහු හා මා විවාහ වීමෙන් පසු ජීවත් වූයේ ඔහුගේ මහ ගෙදරය. නමුත් ඔහුගේ මරණයත් සමඟින් පුතු හා මා මෙලොව තනි විය. ඒවන විට, මගේ දෙමාපියන් ද මෙලොව හැර ගොස්‍ ය. මා හට උදව්වට සිටියේ පොඩි නැන්දා පමණී. ඇය මට කුඩා කල සිට ම මවක් මෙන් මා රැක බලා ගත්තාය. ඇය අවිවාහකව සිටි නිසා, මා කුඩා කල ඇය මා සුරතල් කරමින් අප නිවසේ වාසය කළාය. සරත් රැකියාව කළ ස්ථානයේ නොකළ වරදකට ඔහුට විඳින්නට සිඳු විණි. සරත් එම ස්ථානයේ ගිණුම්කරුවකු ලෙස සේවය කළ අතර, ඔහු ඉතා අවංකව තම යුතුකම් මැනවින් ඉටු කළේය. කල්‍ යත් ම, ඔහු පිළිබඳ ප්‍රසාදයක් සමාගමේ සෑම දෙනා තුළම ඇති කිරීමට