Posts

ලස්සන දෙසැම්බරේ.......

Image
පොකුරු පොකුරු මල් පිපිලා බලන්න මනරම්.... සීත පවන් රැල් සැළෙනා උඳුවප් මනරම්.... දෙව් විමනක සිරි ගෙනෙනා නත්තල මනරම්.... සොඳුරු සිතුම් හද සැළෙනා කාලය මනරම්.... ගෙවූ මිහිරි දින සතුටින් සිහි වෙයි මනරම්.... ලැබු පැරදුම් විඳි දුක් හැම සිහිකර නොසැලෙන්.... පවුලේ සැම මිතුරන් හා ගෙවමින් සතුටින්.... සොඳුරු හැඟුම් හද සැළෙනා කාලය මන‍රම්.... විඳින්න මේ සීත සොඳුරු කාලය මනරම්.... නැවුම් පැතුම් පොදි බඳිමින් දිරි ගෙන සතුටින්.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

නව වසරේ එළි පත්තේ.......

Image
ගෙවුණු වසරෙන් දිරි ලබා.... ලැබූ ජය පරාජයන් අභිමුවේ.... නැවුම් පැතුම් සිත දරා.... පය තබමු නව වසරට සතොසිනේ.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

ජීවමාන කලාකරුවාණනේ.......

Image
හිරුට නැත උපමා හිරු හැර... සඳුට නැත උපමා සඳු හැර... ඔබට නැත උපමා ඔබ හැර... රටට නැත සම්පත් ඔබ හැර... දැයේ සැම දන සතුට සදමින්... ගයා ගී වැල්... වයා සත් සර... රැඟුම් රැඟුවා සතොසිනේ... ලියා පත පොත සොඳුරු විලසින්... මතු කළා කවි පදත් මනරම්... පුබුදුවා රස හැඟුම් දන මන... තුටු කළා සැම සතොසිනේ... කලාකරුවාණනේ අපගේ... ඉටු කළා ඔබ මෙහෙය ඔබගේ... රට දැයට වාසනාවන් සැමදා... උපහාර වේ මේ කවි මල් කුසුම්... ජීවමාන කලාකරුවන්ට මෙය උපහාරයක් ම වේවා! චිරං ජයතු!...... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

සූරිය වරුණා......

Image
ලොවේ අඳුර දුරු වී.... ළහිරු කිරණ ආවා.... නව දිනක් උදා වී.... උදා සිරිය ආවා.... සියොත් ගී අසාලා.... ලොවම අවදි වීලා.... රන් හිරු රැස් පායාලා.... මල් පෙති සිනහා පාලා.... හිරු කුමරුන් ඇවිදිල්ලා.... නව සිතිවිලි පිබිදී.... නව සැලසුම් වඩලා.... දවසම සරු වේවා!.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා 

සංගීත කලාවේ, හෙළ වෙණ තත අද බිඳිලා....

Image
සංගීත කලාවේ, හෙළ වෙණ තත අද බිඳිලා.... සැමට හොරෙන් ගෙවිලා දුකිනේ.... නළවා අප සැම, බිඳී ගියා ඔබ.... කවුරුන් තනන්නෙ ඔබ වෙණ තත අද දැන්.... නිහඞයි අද ඔබගේ රස ගී සර.... දුකින් හඞනවා ඔබ වෙණ තත අද.... රැව් පිළිරැව් දෙනවා ඔබ ගී නඳ තාමත්.... නළවා, පුබුදා, පිනවා අප දෙසවන්.... විකසිත පෙම් පොකුරු පියුම්.... හන්තානේ කඳු මුඳුන සිසාරා.... ගයන්නෙ කවුරුන් දැන්.... වක්කඩ ළඟ දිය වැටෙන තාලයට.... සන්නාලියනේ සන්නාලියනේ.... ගයන්නෙ කවුරුන් දැන්.... අමයුරු ගී සර නිහඞයි ගී ලොව දැන්.... කවුරුන් එන්නේ දෙව් විමනෙන් අසන්න ගී රස දැන්.... ගීත කලා ලොව ඉකි බිඳිනා හඞ දැනිලාදෝ  දැන් දැන්.... කඳුළැලි ඉනුවා ඇස, හිස කකියා, දුකිනේ හදවත දැන්.... කිරුළ හිමි ගී ලොවේ සැමදා රජුය ඔබ සැමදා.... කිරුළ හිමි හෙළ ගී කෙතේ සැමදා ගොවි රජුය ඔබ සැමදා.... අස්වදා හෙළ ගී කෙතම සැමදා ඔබ දුන්නා බත සැමදා.... සසර වසනා තුරා නැවතත් සැමදා රැක ගන්න අප සැමදා.... හෙළයේ මහා ගාන්ධර්වයාණනි ඔබට නිවන් සුව පතමු! කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

සතුට ඉතිරෙන .... දීපවාලී උත්සවයක් වේවා!

Image
අඳුර දුරු වී පහන් දැල්වෙන අාලෝකයෙන් බබළන, සෞභාග්‍යමත්, සිත් පහන් දැල් වී, සතුට ඉතිරෙන ....  දීපවාලී උත්සවයක් වේවා! Wishing U & Ur Family a Very Happy & Prosperous Deepawali Festival Day!

විනාඩි 5ක් ඉන්නකෝ පැටියෝ....

Image
බිරිඳ : විනාඩි 5ක් ඉන්නකෝ පැටියෝ.... ස්වාමියා : විනාඩි 5 ඉවරයිනේ පැටියෝ.... බිරිඳ : පොඩ්ඩක් ඉන්නකෝ පැටියෝ.... විනාඩි 5, විනාඩි 30, පැය 1, ...... වේවි.... ස්වාමියා : විනාඩි 5න් එනවා පැටියෝ.... බිරිඳ : ඉක්මනට එන්නකෝ පැටියෝ.... ස්වාමියා : මම ඉක්මනට එනවා පැටියෝ.... විනාඩි 5, විනාඩි 30, පැය 1, ...... වේවි.... මුලින් ම එන්නේ කවුරුන්දැයි.... විසඳන්නට ඔබ හට බාරයි....