Posts

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
දැනට 13,000 ට වඩා මාගේ නිර්මාණ බලා  රස විඳ  ඇති බව සතුටින් දන්වමි.  ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා අගේ කොට සිහිපත් කරමි.  මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි.  I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 13 K. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve m y creations....

ආත්මීය ප්‍රේමයක් ළඟ වයස යනු ඉලක්කමක් පමණී.......

Image
මතකයේ ඇත මගේ.. ඔබේ සිනහවන් එදා.. මසිත විකසිත කෙරූ..... සෙනෙහසින් බැඳීලා.. රන් හුයෙන් එක් වුනේ.. සසර පෙර පුරුද්දට.... මව් පියන්ගෙන් පසුව.. රැක බලා ගත් සේම.. රකින්නම් හිමියනේ.. නකුල මාතා සේම මම.... රස කෑම ගෙනල්ලා.. සතුටු කලෙ හැමඳාම.... ආදරෙන් ළං වෙලා.. කියූ ඒ රස කතා.. අදත් සිහිවේ මගේ.. දෙසවනින් රැව් දිදී.... දුව පුතා ලැබුණු දින.. සතුටු වූ හිමි දෙනෙත්.. තවම මතකයි මගේ.. දෙනුවන් ම තෙත් කරයි.... දුව පුතා අද දුරයි.. තනිවෙලා අප දෙදෙන.. රකිමි මගේ හිමියනේ.. ඔබව පණ සේ මගේ.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

හිරු දෙවිඳුනේ, වැසි දෙවිඳුන් හා මිතුරුව සනසාපන් මේ උතුම් සිරිලක.......

Image
පායා එන්න.. පායා එන්න.... හිරු දෙවිඳේ.... මේ දුක් අහසට.... අනෝරා වැසි වැටී.... නාය යන්නට හදන මා සියළු ගම් බිම් දෙවිඳුනි.... විකසිත කරන්න.. විකසිත කරන්න.. මගේ මේ මිහිකත.... සියලු දන හද සනසා.. පායා එන්න.. පායා එන්න.. විගසින්ම.. විගසින්ම.. පුබුදු කරනු මැන.. පුබුදු කරනු මැන.. මගේ ලක් මාතාව.. ඔබේ උණුසුම් රැස් දහරින්...... රැක ගනු මැනව.. රැක ගනු මැනව.. මගේ ලක් මාතාව.. පෙර රැකූ ලෙසටත් වඩා.. මහත් අදරින්.. මහත් අදරින්....... අහිංසක මිනිස් ජීවිත බිලි නොගෙන.. දැන්වත් නවතනු මැනව ඔබගේ අඳෝනාව.... විපතටපත් මිනිසුන් උදෙසාවත් පිහිටවුව මැන.... අවැසි තරමට වැසි දී....අවැසි තරමට හිරු පායා.... හිරු දෙවිඳුන් හා මිතුරුව සනසාපන් මේ උතුම් සිරිලක.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

රස ගුණ දෙකින් පිරිපුන් එළවළු ද කවා.. මව්වරු සතුටු විය අප කුසගින්න නිවා....

Image
රස ගුණ පිරි නැවුම් ආහාර සොයලා.... මෙත් ගුණ මුසු කරලා රස කෑමක් මවලා.... කරුණා ගුණය හද රඳවා එය බෙදලා.... අම්මා සැනසුණා අප හට එය කවලා.... සොයලා පලා නිති සිටි ගෙවත්තෙන්.... සෝදා හනික කපලා එය පිරිසිඳුවෙන්.... ගුණ පිරි ලෙසට සකසා ලද ඇසිල්ලෙන්.... අප වෙත දුන්නා සැමදා එය ආදරයෙන්.... කම්මැලි නොවී සවසට රස කෑම සදා.... අප තුටු කළා කවලා එය අපට සදා.... අප එන තුරුම සවසට යළි නිවස බලා.... ඇගෙ නෙත් වෙහෙසුවා එන මඟ මිඳුල බලා.... ආදර ගඟුල ඇගෙ හදවත හැමදාමත්.... අප වෙත පුදලා ඉව්වේ බත් හැමදාමත්.... රස ගුණ සපිරි ආහාර දී හැමදාමත්.... රැක ගමු ඇයව පුද දී අප ආදරයත්.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

කෙටි කථාව....

Image
මිනස්කම මෙලොව පවතින දහමක් වේද, ඒ උතුම් වූ ආදරයයි. සදාතන ජීවයේ ප්‍රාණ වායුව; ඒ සත්‍ය ප්‍රේමයයි. මිනිස්කම නෙතින් දකිනා ඒ උත්තරීතර මනුෂ්‍යයාට, නැතහොත් ශ්‍රේෂ්ඨ යයි හංවඩු ගසන මිනිසුන්ට, ඔහුගේ සත්‍ය වූත් පිවිතුරු වූත්, හද ගැබ විවර කළ යුතුය. නමුත් එසේ නොවුණහොත්; ඔහුගේ එම හද ගැබද මිනිස්කම නොදැකීමට ඉඩ ඇත. ජීවිතය පිළිිබඳ තවමත් අවබෝධයක් නොමැති කුඩා පුතු පාසල් යාමට සැරසෙන සැටි දකින විට මහද උද්දාමයෙන් පිරී යයි. ඉතා ආශාවෙන් පාසල් යාම සඳහා පිබිදෙන පුතු ඉතා කඩිසරව ඒ සඳහා සූූදානම් වන අයුරු සුනිල් හා මම ඉතාමත් ආශාවෙන් බලා සිටින්නෙමුු. අපගේ කුඩා පුුතු කවදා හෝ හොඳ ගති පැවතුම් ඇති උසස් පුද්ගලයකු වන බව අප දෙදෙනාගේ විශ්වාසය මෙන් ම පුතු දකින ඕනෑම කෙනෙකුගේ විශ්වාසය විය. අප විවාහ වී දැනට අවුරුදු 8ක් පමණ ගත වුණි. සඳරුවන් පුතු අපට ලැබුණු ප්‍රථම දරු සම්පතයි. පුතු දැනට තෙවන වසරේ ඉගෙනුම ලබයි. දිනපතා උදෑසනින් පිබිදෙන මා උදෑසන ආහාරය මෙන් ම දිවා ආහාරය ද සූදානම් කරන අතර ටික මොහොතකින් සුනිල් ද පිබිදී මා හා හවුල් වෙයි. සැබැවින් ම ඔහු මට සැබෑ සහකරුවෙකි. අප දෙදෙන මහන්සි වී ජීවිතය ගෙන යාමට දක්වන කැපවී

කවිය ඔබ.......

Image
සිතිවිලි මතු වී විසිරෙන.... එක් කොට තනනා සුුව දෙන.... සැම දන මන පුුබුදන.... කවියයි ඔබ අප සතපන.... දැහැනක් වෙත අප ගෙන යන.... පුදුමෙකි සිත් සුව ඔසු දෙන.... සැම දන සිත් මල් පුබුදන.... කවි තුරු වදුලේ රඟ දෙන.... හඬවා සිත අප සැනසෙන.... ගෙන දී රිඳුමන් හද කොන නෙත් මත කඳුලැලි නංවන.... කවියයි ඔබ අප හඬවන....  සිතිවිලි මතු වී පිබිදෙන.... ආසිරි මල් ලොව පුුබුදන.... පතමින් සැම වෙත මෙත් මිණ.... කවියයි ඔබ ලොව පුබුදන....  කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

තනිකමේ නාමයෙන්.......

Image
තනි වෙලා හිඳිමි මම; දිවි කතරේ නිමග්නව. දිය පොදක් නොලදමුත් මුවට නොදැනුණි පිපාසයක්....... ලද එක් මිනිස් ඇසුරකිනිඳු හදට නොලැබුුණි සැනසුමක්. තනිකම මා වෙලා ගත් සඳ....... නිබඳ සොයනෙමි කොහේ සැඟවුණිද ? ඒ මා සොයන සැනසුම...... තනිකමේ නාමයෙන්....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා