Posts

Showing posts from June, 2017

පොතේ දැනුම.....

පොතින් කියවා ගන බොල් කඳු ගණන් හිස තුළ පුරවන තැනැත්තේ සැබෑ බුද්ධිමතෙක් නොවේ . ජීවිතේ අබිරහස නමැති පොත ඔහුට නොවැටහෙන හෙයිනි , තෘණ   විද්‍යාව   පොතින් උගත්තකුට තණ පත් පිබිදෙන හඞ සවනට නෑසේ . දන්නා තාක් සිප් සත දෙසා බෑවද ඔහු කියන දෙයින් ගැඹුරු සම්බුද්ධියක් ඔබට නොලැබෙනු ඇත . ජීවිතය වටහා ගැන්මට ජීවිතය දෙස ම බලනු මිස රෑ පහන් වන තුරා පොත් පිටු අතර මැරිමැරී ඉපදීම කවර ඵලයක් එළවා ද ? තම හදවත ගැහෙන හඞ වැරදියට වටහා ගෙන එය ගලවා විසි කරන අය බුද්ධිමත්තු ද ? ඔබේ සියලු ම වදන් අතර ඉතා ම ගැඹුරු ඉතා ම මිහිරි රස වන්නේ මිනිසා ගැන , මිනිසාට දැනුම දෙන වදන් ය .                                              - ෆෙඩ් ‍ රික් එංගල්ස් -

අභීත දියණී.......

Image
වයමින් සත්සර.... මිහිරි ලෙසින්.... මවිත කළා රජු.... වාදනයෙන්.... සොයමින් හිමිකරු.... සමනල් යතුරේ.... පා තැබුවා රජ මාළිගයට ඇය.... ළමා වියේදී වීර ලෙසින්.... සෙව්වා ඇය නිති.... කවුරුන් හිමිකරු ඒ යතුරේ.... තම පිය සොහොයුරු.... මරා දැමූ.... රැඳුණා නිබඳව.... සිනහව මුවඟේ.... දුක් වින්දා ඇය.... ළමා වියේ.... බාධක ආවද.... නොසැලී සිටියා පුදුම ලෙසින්.... ජීවත් වීමේ.... පාඩම පෙන්වා ආදරයෙන්.... ඇයගේ ජය මඟ.... ඇය සතු විමසුම් ඇස නිති.... සොයා ගියා.... ආදරයෙන්.... කරුණාවෙන්.... විමසුම් මඬලට.... එක්වීමෙන්.... රජු රැක ගත්තා.... රට රැක ගත්තා.... ආදරයේ රන් දෙව් දුව ඔබමයි දොං යී.... සැබෑ ලොවේ රජ කළ ඒ සමයේ.... තම හිමි රැක ගත් සැබෑ ලියයි ඔබ.... පින්වත් පුතුගේ සැබෑ මවයි ඔබ.... අභීත දියණී ඔබමයි දොං යී.... අපගේ සැමදා හද රැඳෙනා.... ඇයගෙන් ගත හැකි පාඩම් බොහොමයි.... සැම දියණියනේ ඇය නරඹා.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පාඨක රසික සහෘද ඔබට උපහාර වේ මේ පද වර්ණනා.......

ඔබ නොවන්නට.... පාඨක රසික සහෘදයාණනේ.... කලාකරුවා නොමැත මිහිපිට.... දදුළවයි.. බබළවයි.. නිති ඔහු.... ඔබේ කිත් යසස් පැසසුම් ලබා.... ඔබ පිදුම් ලැබ දිරි ලබා.... දැයේ සැම දන සතුට සදමින්.... ගයා ගී වැල්.... වයා සත් සර.... රැඟුම් රැඟුවා සතොසිනේ.... ඔබෙන් ලද පන්නරය සමඟින්.... ලියා පත පොත සොඳුරු විලසින්.... මතු කළා කවි පදත් මනරම්.... පුබුදුවා රස හැඟුම් දන මන.... තුටු කළා සැම සතොසිනේ.... රසික පාඨක මිතුරනි.... ඉටු කළා ඔබ මෙහෙය ඔබගේ.... රට දැයට වාසනාවන් සැමදා.... උපහාර වේ මේ කවි මල් කුසුම්.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 7K. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations.

පොසොන් සඳ පායලා.......

Image
පොසොන් සඳ පායලා.... ලස්සනයි අද අහස.... දම් අමා ගඟ ගලා.... සනසවයි මිහිතලය.... මිහින්තලෙන් නැග එනා.... දම් අමා සිසිලසින්.... ලක් දෙරණ පිබිදුණා.... මිහිඳු හිමි වැඩි දිනා.... තිස්ස රජු බිය වෙලා.... දමා දුණු හී පසෙක.... සැනසුණා බණ අසා.... නමදිමින් හිමි දෙපා.... මෙත් සිසිල පැතිරුණා.... නැවත මා ලක් බිමේ.... ලක් දෙරණ වෙත එදා.... මිහිඳු හිමි වැඩි දිනා.... ගමයි පන්සලයි සහ.... වැවයි දාගැබයි නිති.... මතු කළා හෙළ බිමේ.... දම් කිරණ වැටීලා.... හෙළ පියුුුම් පිබිඳුණා.... දම් කිරණ වැදීලා.... හෙළ බිමම බැබලුණා.... හෙළ බිමම සැනසුණා.... මිහිඳු හිමි නැමඳලා.... ලක් අහස පුරාවට.... අඳුර පලවා නැඟේ.... දම් අමා පොසොන් සඳ.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

සොබාදම් මෑණියනි........

Image
සීත මීදුම් වළා අතරින්.... සිසිල් මඳ නල හමා එයි.... වනේ වන දෙව්ලියගෙ තුරුලින්.... ගතට සිසිලස නිති දැනෙයි.... රන් හිරු රැසින් දිඳුළන.... වනේ අසිරිය මනහරයි.... තුරුලතා මල් පලින් බරවී.... දකින නෙත් සිත් පුබුදවයි.... තඹරු මල් පිපි සුනිල් විල් තෙර.... හිරු රැසින් නිති බබළවයි.... සිසිල් දිය රැළි නඟන තාලය.... කෝමලයි මා සිත් පිනයි.... කැදලි සදනා සතුට විඳිනා.... සියොත් කැළ රස ගී ගයයි.... ගොදුරු සොයනා සිත්සෙ වසනා.... වන සතුන් සහ අප  ඔබගෙමයි.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා