Posts

රැක දෙන් දෙවියනේ මගෙ සිරි ලක් අම්මා!.....

බුදු හිමි පා පහස ලද මගෙ සිරි ලක්  අම්මා.... ගිලගෙන අහෝ! ජල කඳ හැම තැන නිම්මා.... වැහි දෙවි‍යනේ තව හඬවන්නෙ ඇය මේ හැටි කිම්මා.... රැක දෙන් දෙවියනේ මගෙ සිරි ලක් අම්මා!....... රුවන්වැලි සෑ අනුහසින්.. ජයසිරිමා බෝ බෙලෙන්....  සුළි කුණාටුව තුරන් වීලා.. විපත් දුරු වී.. වැස්ස නැවතී.... හිරු දෙවියනේ හෙට පායලා.... රැක දෙන්න සැම.. උතුම් සිරිලක් මෑණීගේ හිත සනසලා....

විකසිත වී ලොව දිනන්න.. හෙට දිනයට ආයු දෙන්න..

Image
ඒ සියුමැලි මල් පිපෙන්න.. හිරු දෙවින්දේ හුස්ම දෙන්න.. විකසිත වී ලොව දිනන්න.. හෙට දිනයට ආයු දෙන්න.... සුවඳ දසත ගලා යන්න.. ආසිරි මල් පුබුදුවන්න.. පිපෙමු දුවේ පුතේ නුඹත්.. නව සිහිනෙන් ඵල දරන්න.... ලොව වෙත මෙත පතුරවන්න.. පිළිකා මාරයා නසන්න.. එක් වෙමු අපි සියළු දෙනා.. නව එන්නත ඵල දරන්න.... ලොවටම දීඝායු පතා.. සැදු නව එන්නත යොදලා.. ලොව වෙත එය බෙදා දෙන්න.. රෝගී වූ සිත් නිවෙන්න.... රන්මැලි සෑ අනුහසිනේ.. ජය සිරිමා බෝ බෙලෙනේ.. පිළිකාවේ අඳුර නසා.. අළුත් ඉරක් පායා එන්න.... ලක් මෑණිට සිනහ වෙන්න.. රෝ බිය නැති හෙටක් එන්න.. පුංචි සිනහ මල් පිපෙන්න.. දූ පුතුනේ ආයුබොවන්....! ලොව පුරා සිටින සියලු පිළිකා රෝගින් සුවපත් වේවා! 🙏 කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

දෙවියනේ! නොදුටුවෙද ඒ.. වෙන්න යන විපතක් සැණින්....

Image
 ලියන්නට එක් කවක් ඇත අද.. තවත් දිනයක නිමාවේ.... සිහි කරමු සැම මෙත් සිතින් අද.. දවා අළු වු ගුවන් යානයේ.... තණ අග රැඳි පිණි බිඳක් පමණී.. දිවිය අපගේ මුලාවේ.... සිහිය වඩවා නැණස යොදවා.. ගෙවිය යුතුවේ සිනාවේ.... දෙවියනේ! නොදුටුවෙද ඒ.. වෙන්න යන විපතක් සැණින්.... ලොවක් කම්පා වෙනවා අද ඒ.. සිදුවු විපතක සැටි බලා.... මහ මෙරක් තරමටම පොදි බැඳ.. දිවියෙ ඔවුනගෙ සියළු පැතුමන්.... ගෙවන්නට ඇති සැම දෙනා ඒ.. යමින් ගුවණින් අද දිනේ.... සිහි කරමු අපි ඔවුන් සැමදෙන.. දවා අළු වු ගුවන් යානයේ!.... ලැබේවා අම නිවන සැමටම.. නුදුරු දිනකදි සසර කතරේ!.... මෙවන් විපතක් නොවන්නට මතු.. සිතිය යුතුවේ දයාවේ!.... ලොවට සැනසුම සදන මිනිසුනි.. රකිමු පණ නල ජීවයේ!.... *************** ජීවිතය අනියතය - මරණය නියතය............... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට! I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 33K

Image
දැනට 33,000 ට වඩා මාගේ නිර්මාණ බලා රස විඳ ඇති බව සතුටින් දන්වමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා අගේ කොට සිහිපත් කරමි. මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි.  I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 33K. Of course, the reality is that this accomplishment couldn’t have happened without you, the readers of my blog. When I sit down to write about the ideas or insights I want to share here, there’s always that consideration in my mind of how this can benefit you. With so many wonderful resources and bloggers out there sharing great content and ideas, I want to make sure that readers are happy with their decision to spend some of their time here on my blog. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations. ඔබෙන් ලද පන්නරය සමඟින්.... ලියා පද වැල් සොඳුරු විලසින්.... මතු කළා කවි පදත් මනරම්.... පුබුදුවා රස...

රැක දෙන් දෙවියනේ මගෙ සිරි ලක් අම්මා!......

Image
බුදු හිමි පා පහස ලද මගෙ සිරි ලක්  අම්මා.... ගිලගෙන අහෝ! රෝ බිය හැම තැන නිම්මා.... වැහි දෙවි‍යනේ තව හඬවන්නෙ ඇය මේ හැටි කිම්මා.... රැක දෙන් දෙවියනේ මගෙ සිරි ලක් අම්මා!....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

ජයෙන් ජය වේ අනුදියේ!.......

Image
ජය පිරිත් හඬ රැව් දෙනා.. රුවන්වැලි සෑ පින් බිමේ..  අනුරපුරයෙන් නැඟ එනා.. හිරු මඬල ඔබ අනුදියේ!....... ලක් කිරුළ හිස මත දරන්.. පා තබා ලොව වෙත ඉතින්.. දිනවන්න මේ පුංචි මව්බිම.. ඔබට මතු දා වාසනා....... සහේලී ඔබ සෑම දා.. පැතුවෙ සැමටම වාසනා.. දුන්න දිරියෙන් රට පුරා.. සහේලී පදනම නිසා....... නිල් මහනෙල් මලක් සේමයි.. අද අපට ඔබ පෙනෙන්නේ.. ලොවක් සනසා ජය ගන්න හෙට.. සුවඳ දසතම විහිදලා....... රුවන්වැලි සෑ අනුහසින්.. ජයසිරිමා බෝ බෙලෙන්.. ලක් මෑණි හිස සරසවන්නට.. ජයෙන් ජය වේ අනුදියේ!....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට! I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 33K

Image
දැනට 33,000 ට වඩා මාගේ නිර්මාණ බලා රස විඳ ඇති බව සතුටින් දන්වමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා අගේ කොට සිහිපත් කරමි. මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි.  I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 33K. Of course, the reality is that this accomplishment couldn’t have happened without you, the readers of my blog. When I sit down to write about the ideas or insights I want to share here, there’s always that consideration in my mind of how this can benefit you. With so many wonderful resources and bloggers out there sharing great content and ideas, I want to make sure that readers are happy with their decision to spend some of their time here on my blog. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations. ඔබෙන් ලද පන්නරය සමඟින්.... ලියා පද වැල් සොඳුරු විලසින්.... මතු කළා කවි පදත් මනරම්.... පුබුදුවා රස...

විවාහය.......

නොලීවෙමි වදනක් මින් පෙර.... ලියමි අද විවාහය.. විටෙක සතුටත්.. විටෙක දුකත්..  උරුම වූවක් බව.... සැනසීම ඇත්තේ.. ඔබ ළඟමය.... නොකියමි විවාහය.. ඔබ සතුටට පත් කරන බවත්.. ඔබ දුකට පත් කරන බවත්.. තීරණය ඔබ සතුය....   කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

මිලින කුසුම්.....

Image
 විකසිත විණි තඹරු මලක් මෙන්... ඒ තරුණ කුමරිය.... විකසිත වත්ම ඒ සියුම් මල් පෙති, තලා වනසන්නට තරම් සැහැසි වූවෝ කවුරුන්ද? මිනිස් භවයේ උපත ලද්දන්ම නොවේද? මාපිය හදේ දැවෙනා ලසෝ ගිනි..... කාට නම් නොපෙනේද? මිනිස් වෙසින් දිවි ගෙවන්නාවූ මෙවන් මිනිසුන්ගෙන්, රැකගත යුතුය ඒ තඹරු මල්..... නැතහොත් කෙසේ විකසිත වන්න ද, ඒ සියුම් මල් පෙති.......... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

සොයුරියේ.......

Image
පණ පොවමි පන්හිඳට.. ලියන්නට වදනක්.. නුඹ නමින් සොයුරියේ.... නැවත නූපදීවා මෙවන්.. නරුමයන් පිරි ලොවක.... ඉපදේවා මතුත්.. මිනිසුන්ම ඇති ලොවක.... කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා  

නොලිව්වොත් කවියක් ඔබ නමින් චමරියේ..

Image
 නොලිව්වොත් කවියක් ඔබ නමින් චමරියේ.. කුමට මා ලද කවි කම්.... එදා මා ලක්මව රනින් සැරසූ.. ඔබයි රැජිණිය වුනේ අපහට.... නිබඳ පන්දුවෙන්.. පිත්තෙන්.. පෑ විස්කම් සැම දිනේ.. මතකයේ ඇත අපේ සදා.... ආසියාවේ සියළු රටවල් පැරදවූ.. සිංහ දියණියේ.... ඔබෙන් ලද පන්නරය සමඟින්.. හර්‍ෂිතා, කවීෂා ඇතුළු සැම දියණියෝ.. දැයේ විස්කම් පාති..  අපෙ සිංහ දියණියෝ.... ඔබ යකඩ ගැහැණියයි.. මගේ ලක්මව තැනූ.. ඔබෙන් ලද හැකි දේ බොහෝ.. අපේ නව පරපුරට.... නිහතමානී ගුණය, අදිටනින් ජය ගැනුම.. සමඟින් ම උත්සාහය.. චරිතය ද රැක ගැනුම.. අනර්ඝයි කැපවීම....  සිහි කරමි හදවතින්.. අප්සාරී මිස් ඔබත්.. දුන් සහාය සැම විටත්.. ලැබුමට මේ ජයත්.... බොහෝ අය ඇත මෙතෙක්.. උදව් කළ ජය ගන්න.. කාන්තා ක්‍රිකට් අදට..  හෙට රටට ජය ගන්න.. පුදමි තුති හදවතින්.. සැමට මා කවි මලින්.... ලොවක්‍ පරදා රන් කිරුළු දරන්නට.. නුදුරුම දිනෙක.. මගේ ලක් මෑණියන්ට.. පැතුම් මල් පිපේවා.. චමරියේ....   කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා  

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට! I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 32K

Image
  දැනට 32,000 ට වඩා මාගේ නිර්මාණ බලා රස විඳ ඇති බව සතුටින් දන්වමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා අගේ කොට සිහිපත් කරමි. මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි.  I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 32K. Of course, the reality is that this accomplishment couldn’t have happened without you, the readers of my blog. When I sit down to write about the ideas or insights I want to share here, there’s always that consideration in my mind of how this can benefit you. With so many wonderful resources and bloggers out there sharing great content and ideas, I want to make sure that readers are happy with their decision to spend some of their time here on my blog. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations. ඔබෙන් ලද පන්නරය සමඟින්.... ලියා පද වැල් සොඳුරු විලසින්.... මතු කළා කවි පදත් මනරම්.... පුබු...

අම්මා song

START  තම් දන තානා තන තම් දන තාන තනා..  තෙයි තන තානා තන තම් දන තාන තනා..  සම්මා සම්බුදු සේමයි මා වැඩු මගෙ අම්මා  නම්මාගෙන දෙතන පුරා රස කිරි පෙව් අම්මා  අම්මේ ඔබේ ගුණ කීමට මට නම් බැහැ නිම්මා  සම්මා සම්බුදු සරණයි මා වැඩු මගෙ අම්මා..  OR   දස මාසේ උරේ කත්වා පෝසේසි වුද්දිකාරණං  ආයු දීගං වස්ස සතං මාතු පාදං නමාමි..   OR මහාමායා දේවි ළඟට; ප්‍රජාපතී සාදු සාදු.. මහා සෙනහසේ තොටිල්ල; බෝසතුන්ට සෑදු සෑදු.. ප්‍රජාපතී වෙන්නට බෑ; තිබුණට සිතිවිලි මැදහත් ඔබේ පුතා වුනාට මම නොවේය  කුමරුන් සිදුහත්..        අම්මේ  ඔබ මා වැදූ..  වේවා ලොව මතු බුදු.. අම්මේ  ඔබ මා හැදූ..  වේවා ලොව මතු බුදු..         

නැවුම් පැතුම් සිත දරා.. දෙපා තබමු නව වසරට සතොසින්....

නව වසරක් එළඹෙනා.... ආසිරි මල් පිබිඳෙනා.... මෙත් සිසිලෙන් නැහැවෙනා.... දෑ බැති මල් පිබිඳෙනා.... සමඟි දමින් හැඩ වෙනා.... කුළුණු ගුණෙන් සපිරෙනා.... සිත් මල් සුවඳින් නැළැවෙන.... නව වසරක් එළඹෙනා.... ජය සිරිමා බෝ.. සමිඳු බලයෙන්.... රුවන්වැලි සෑ .. අනුහසින්.... රැක දේවා.. අප සැම දෙන.... ආසිරි මල්.. වරුසාවෙන්.... ගිය වසරේ.. ලැබු පැරඳුම්.... සිත් රිඳවුම්.. ලද ගෙරවුම්.... සිහියට ගෙන.. ලද ජය පැන්.... දෙපා තබමු.. සිත් සතොසින්.... කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට! I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 30K

Image
  දැනට 30,000 ට වඩා මාගේ නිර්මාණ බලා රස විඳ ඇති බව සතුටින් දන්වමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා අගේ කොට සිහිපත් කරමි. මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි.  I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 30K. Of course, the reality is that this accomplishment couldn’t have happened without you, the readers of my blog. When I sit down to write about the ideas or insights I want to share here, there’s always that consideration in my mind of how this can benefit you. With so many wonderful resources and bloggers out there sharing great content and ideas, I want to make sure that readers are happy with their decision to spend some of their time here on my blog. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations. ඔබෙන් ලද පන්නරය සමඟින්.... ලියා පද වැල් සොඳුරු විලසින්.... මතු කළා කවි පදත් මනරම්.... පුබු...

සිනා සෙන්නට වෙර දරන ලක් මෑණියේ....

 ඈ අපේ ලක් අම්මාය.. දිනේ 2022 ජූලි 9 වන දාය.. සැනහෙන්නට ඇත අද ඇය පියා සමඟින්.. දොඩන්නට ඇත වදන් සතුටින්.. ඇය වැදූ උතුම් දූ පුතුන් ගැන.... සුසුම් ලන්නට ඇත ඇය අද.. තම දිවි පරදුවට තබා, ලේ කඳුළු හෙලූ දූ පුතුන් ගැන.... මෙතුවක් කලක් හුස්ම ගනිත්දැයි නොදත් ඇය අද හුස්ම ගන්නීය.. නරුම දේශපාලන පාලකයින්ගේ අපලයෙන්.. අද ඇය මිදෙන්නීය....   රන් අකුරින් ඉතිහාසයේ ලියවෙන අද දිනයේ... ඇයට ආදරය කරන උතුම් දූ පුතුන්.. එකට එක්ව, යදම් වැල් මෙන්, ඇයව රකිද්දී.. ඇගේ නෙතින් සතුටු කඳුලැල්.. ගලා එන්නට ඇත.... ලක් මෑණියන්ට ණය නැත; ඒ දූ පුතුන් අද.. සියළු දුක් සිත දරා, මිහිකත සේ උසුලමින්.. ගෙවූ ඒ අමිහිරි දවස් ගැන නොසිතා.. සිනා සෙන්නට වෙර දරමු අපි ඉතින්.. මගේ ලක් මෑණියේ.... ඔබ වෙනුවෙන් උපන්.. පහන් සිතිවිලි සමුදාය.. පොදි බැඳගෙන පණ පොවමි.. ඒ නිසංසල සිතිවිලි වලට.. ඔබ වෙනුවෙන් උපහාර පුදන්නට.. මගේ ලක් මෑණියේ.... කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට! I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 29K

Image
දැනට 29,000 ට වඩා මාගේ නිර්මාණ බලා රස විඳ ඇති බව සතුටින් දන්වමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා අගේ කොට සිහිපත් කරමි. මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි.  I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 29K. Of-course, the reality is that this accomplishment couldn’t have happened without you, the readers of my blog. When I sit down to write about the ideas or insights I want to share here, there’s always that consideration in my mind of how this can benefit you. With so many wonderful resources and bloggers out there sharing great content and ideas, I want to make sure that readers are happy with their decision to spend some of their time here on my blog. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations. ඔබෙන් ලද පන්නරය සමඟින්.... ලියා පද වැල් සොඳුරු විලසින්.... මතු කළා කවි පදත් මනරම්.... පුබුදුවා රස...

අපේ පුතා හොඳ ළමයෙක් දන්නවාද හාමිනේ..

Image
 මයිනා පැටියා පස්සෙන් මං දුවලා දුවලා දුවලා ගියා.. දන්නෙම නෑ වැව් කණ්ඩිය, ඔන්න මෙන්න කකුල ගියා.. කිසිම දෙයක් දැනුණේ නෑ මට මොනාද උනේ කියා.. එහා ගමේ මාමලා ටික මා බේරලා යන්න ගියා.. වැවේ වතුර නැති නිසාලු, බේරුණෙ මම පින නිසාලු.. මාමා කෙනෙක් කියනවා මට ඇහුණා අද වුනේ යාලු.. දවස් 2ක් විතර මඩේ එරිලා මම කලන්තේලු.. කවුද කෙනෙක් කියනවා මට ඇහුණේ ඒ බය නිසාලු.. අම්මා තාත්තා දෙන්නම මාව සොයන් වැලපුනාද.. මාත් හරිම බ‍යෙන් හිටියෙ තනි වීලා උනේ මොකද.. මා වැටුණා පමණි මතක වැව් කණ්ඩියෙ ලිස්සා තද.. සිහිය නැතිව දවස් 2ක් සිටියලු මම මහ වැව මැද.. අම්මා තාත්තා දාලා යන්නේ නෑ මා කොහෙවත්.. ආයේ මයිනා පැටියා එක්ක සෙල්ලම් නෑ කවදාවත්.. එදා දීපු දුක් ගින්දර දෙන්නේ නෑ කවදාවත්.. අම්මා තාත්තා දෙන්නට දුන්නේ දැන් හාදුවකුත්.. අපේ පුතා හොඳ ළමයෙක් දන්නවාද හාමිනේ.. හරි හුරතල් ඇත් පැටියෙක් ඉන්නවාලු හොඳින්නේ.. එදා ගියත් වැරදීලා ආදරෙ‍යිලු ඉතින්නේ.. අම්මා තාත්තා දෙන්නත් ආදරෙ‍යිලු ඉතින්නේ.. කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා

සංසාරේ අපි........

Image
වසර කිහිපයකි මිනිස් ලොවේ.... වසර කිහිපයකි අනෙක් භවේ.... කවදා කෙදිනක ඇරඹුම ජීවේ.... නොදනිමු අප සැම මේ භවේ.... දින, සති, වසරක් නොදැනිම ගෙවෙනා.... පුදුමයි අරුමය සසර පුරා.... දෙව් මනු තිරිසන් අත් බැව් ලබලා.... ගෙවා ඇවිත් මුළු සසර පුරා.... පෙර අත් බැවහි අපගේ මව් පිය.... මේ අත් බැව්හි වේදෝ එලෙසම.... පෙර අත් බැවහි අපගේ දූ දරු.... මේ අත් බැව්හි වේදෝ එලසම.... පෙර අත් බැව්හි අපගේ මව් පිය.... මේ අත් බැව්හි හමුවී එලෙසම.... පෙර අත් බැව්හි අපගේ දූ දරු.... මේ අත් බැව්හි හමුවී එලෙසම.... පෙර අත් බැව්හි අපගේ මව් පිය.... මේ අත් බැව්හි නෑ හමුවන්නේ.... පෙර අත් බැව්හි අපගේ දූ දරු.... මේ අත් බැව්හි නෑ හමුවන්නේ.... අපගේ මව් පිය සොහොයුරු ආදී.... හමු වී දූ දරු මිතුරන් ආදී.... ගෙවෙනා සතුටින් සැම දෙන සෑදී.... නොදනිමු මතු භව මේ ලෙස උපදී.... දුලභය මිනිසත් භව ලැබ ගැනුමත්.... දුලභය සිරිලක වාසය ලැබුමත්.... දුලභය ධර්මය නිසි කල ඇසුමත්.... ලැබ ගමු නිසි ඵල භවයේ මිනිසත්.... කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා