Posts

ප‍්‍රේමය....

Image
විඳිනෙමි වේදනා; ජිවිතය පුරාවට....... කඳුළු බොමි පිපාසය නිවාලන්නට; හදේ දැනෙනා....... අවංක වීමි හදවතට.. ආදරය පුද දී, මියෙන්නට තරම්; මහද අසරණය....... මන්ද යත්, මම ඔබට පෙම් කරමි. විටෙක සිනාසුනෙමි; ආදරයේ සේයාව වැටී....... ඒ සේයාව මැකී යන්නට වූ සඳ, මහද හඬන්නට වූ නමුඳු පවිත්‍ර ප‍්‍රේමය; මා මිරිඟු සයුරක.. තනිකරන්නට තරම් කුරිරු විය. කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පිනින් සාර නෙළුම් මලේ.....

Image
ගොහොරු මඩේ ඉපදීලා..   යසට වැඩෙන්නේ.... ගොහොරු මඩේ බිඳුවක්වත්..   නොගැවී ඉන්නේ.... නිසි කාලෙට දියෙන් මතු ව..   පිපී වැනෙන්නේ.... තඹරු මලේ ඔබේ සුවඳ..   දසත හමන්නේ.... දෝවන්නම් මුනි පාද කමල් නිති..   සුවඳ නෙළුම් මල්..   පුදා බැතින්.... වීතරාගී මුනි සමිඳු වඳින්නම්..   සුවඳ නෙළුම් මල්..   පුදා බැතින්.... සම්බුදු හිමියන්..   අසලම රැඳෙමින්.... සම්බුදු සිසිලස..   නිබඳ ව විඳිමින්.... සම්බුදු අසිරිය..   ලොවට ම පුදමින්.... පිනින් සාර පියුමක් වුයේ ඔබ..   කුමන පිනින්.. සියළු දනන් ලොව..   සුවපත් කරමින්.... වෙහෙසුණු සම්බුදු..   පාද පියුම්.... පූූජා වේවා..   සිරි පා අභියස.... පූජා කරනා..   සුවඳ නෙළුම්.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

භවෙන් භවයේ සෙවණැල්ල සේ.. ලංවි සිටියා මා ළඟින්...............

Image
සසර සයුරේ එකට ආවා සේ දැනේ.. මට මේ භවේ.... රණ හංස යුවළයි නීල ජලයේ.. රඟන රැඟුමේ මන බඳී.... සිහින මහදේ දකින සිහිනේ.. රතු රෝස කුසුමක් ලයට ලංවී.... පෙමින් බැඳිලා මහද ඔබ හා.. සිහින සිතිවිලි මහද පිබිදී.... භවෙන් භවයේ සෙවණැල්ල සේ.. ලංවි සිටියා මා ළඟින්.... දුකත් සැපතත් සමසෙ විඳගෙන.. එක්ව ආවා සැම භවේ.... යළිත් එක් වී මේ භවේ.. අප හැඟුම් යළි මතු වෙලා.... එක්ව ගෙන යමු අපේ දිවිය ම.. ඔබ මගේ ආයෙත් වෙලා.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

වඳිමු මුනි සිරි පා බැතිනි.........

Image
සිරි පා වඳිනා සිහිනය තිබුණා... සඳ සේ මසිතේ මෝඳු වෙමින්... දැනුණා දැනුණා සීතල කරුණා... රැස් කළ මේ පින් සතුටු සිතින්... සුන්දර බුදු රුව දුටුවා සේමයි... නැත නැත සතුටක් වෙන මෙතරම්... වැන්දා සමිඳුනි අද මං වැන්දා... සිරස තබා සිත් පුරා තුටින්... දෝවන්නම් මුනි පාද කමල් මම් ... නීල තඹරු මල් පුදා බැතින්... වීතරාගි මුනි පාද වඳින්නම්... පා කමළානෙනි පුදා කුසුම්... රන් සිළු වේවා සිරිපා අභියස... දිළි දිළි සැළෙනා සෑම පහන්... අම රස දේවා ඉදෙනා දන් පැන්... මිහිරි ගිලන්පස නිවා ගිමන්... සියළු දනන් ලොව සුවපත් කරමින්... වෙහෙසුණු සම්බුදු පාද පියුම්... පූජා වේවා සිරි පා අභියස... මගෙ ජීවිතයම හිමිට උතුම්... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පොත් පිටු අතරේ ගිලී නාන්නට සාහිත මාසේ ළඟ ළඟ එන්නේ.......

Image
බිනර මලින් පිරි.... සාහිත මාසේ ළඟ ළඟ එන්නේ....... පොත් කියවන්නට.... ඒ රසය විඳින්නට.... සාහිත මාසේ ළඟ ළඟ එන්නේ....... සාහිත උළෙලත්.... පොත් සල්පිළෙනුත්.... සාහිත රුචියත්.... එක්වී බැබළෙන.... සාහිත මාසේ ළඟ ළඟ එන්නේ....... මිනිසා සපිරුණු.... වන්නේ යම් සඳ.... ඔහු ඇය කියවිය යුතුමය පොත පත.... නව පොත් ලියවී.... පිට වෙයි නොදැන ම.... ඒ පොත් පිටු අතරේ.... ගිලී.. නාන්නට.... එන්න ප්‍රියේ....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පොතේ දැනුම.....

පොතින් කියවා ගන බොල් කඳු ගණන් හිස තුළ පුරවන තැනැත්තේ සැබෑ බුද්ධිමතෙක් නොවේ . ජීවිතේ අබිරහස නමැති පොත ඔහුට නොවැටහෙන හෙයිනි , තෘණ   විද්‍යාව   පොතින් උගත්තකුට තණ පත් පිබිදෙන හඞ සවනට නෑසේ . දන්නා තාක් සිප් සත දෙසා බෑවද ඔහු කියන දෙයින් ගැඹුරු සම්බුද්ධියක් ඔබට නොලැබෙනු ඇත . ජීවිතය වටහා ගැන්මට ජීවිතය දෙස ම බලනු මිස රෑ පහන් වන තුරා පොත් පිටු අතර මැරිමැරී ඉපදීම කවර ඵලයක් එළවා ද ? තම හදවත ගැහෙන හඞ වැරදියට වටහා ගෙන එය ගලවා විසි කරන අය බුද්ධිමත්තු ද ? ඔබේ සියලු ම වදන් අතර ඉතා ම ගැඹුරු ඉතා ම මිහිරි රස වන්නේ මිනිසා ගැන , මිනිසාට දැනුම දෙන වදන් ය .                                              - ෆෙඩ් ‍ රික් එංගල්ස් -

අභීත දියණී.......

Image
වයමින් සත්සර.... මිහිරි ලෙසින්.... මවිත කළා රජු.... වාදනයෙන්.... සොයමින් හිමිකරු.... සමනල් යතුරේ.... පා තැබුවා රජ මාළිගයට ඇය.... ළමා වියේදී වීර ලෙසින්.... සෙව්වා ඇය නිති.... කවුරුන් හිමිකරු ඒ යතුරේ.... තම පිය සොහොයුරු.... මරා දැමූ.... රැඳුණා නිබඳව.... සිනහව මුවඟේ.... දුක් වින්දා ඇය.... ළමා වියේ.... බාධක ආවද.... නොසැලී සිටියා පුදුම ලෙසින්.... ජීවත් වීමේ.... පාඩම පෙන්වා ආදරයෙන්.... ඇයගේ ජය මඟ.... ඇය සතු විමසුම් ඇස නිති.... සොයා ගියා.... ආදරයෙන්.... කරුණාවෙන්.... විමසුම් මඬලට.... එක්වීමෙන්.... රජු රැක ගත්තා.... රට රැක ගත්තා.... ආදරයේ රන් දෙව් දුව ඔබමයි දොං යී.... සැබෑ ලොවේ රජ කළ ඒ සමයේ.... තම හිමි රැක ගත් සැබෑ ලියයි ඔබ.... පින්වත් පුතුගේ සැබෑ මවයි ඔබ.... අභීත දියණී ඔබමයි දොං යී.... අපගේ සැමදා හද රැඳෙනා.... ඇයගෙන් ගත හැකි පාඩම් බොහොමයි.... සැම දියණියනේ ඇය නරඹා.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා