Posts

සැබෑ ආදරය.......

Image
දෑත් දෙපා අහිමි වුනත්.... හදවත පෙම් බැන්ද සෙනෙහෙ.... නෑ අඩුවක් නම් වීලා.... එදා වගේමයි තාමත්.... ඔබ මා ඇත එක් වීලා.... ඔබගේ සිත් මල් සුවඳින්.... මහද පියුම් විකසිත වී.... ආදරයෙන් තව ළං වෙයි.... ඔබ තුරුලෙහි නැළවෙන්නට.... දසතම ඒ මල් සුවඳින්.... පිබිදීලා සැනසීලා.... අපේ ලොවෙහි සතුට විඳිමු.... ආදරයෙන් සැනසීලා.... සංසාරෙන් සංසාරෙට.... ඉන්නට ඇති හැමදාමත්.... ඔබ මා ළඟ එක් වීලා.... අහිමි වුනත් දෑත් දෙපා.... නෑ අඩුවක් මා සෙනෙහේ.... රැක ගන්නම් ඔබව සදා.... ආදරයෙන් පෙර විලසම.... නොසැලෙන්නම් කිසිම විටෙක.... කෙතරම් බාධක ආව ද.... සැතපෙන්නම් ඔබේ ළඟ ම.... සිනහව ඔබ හට පුදලා.... ආදර ගඟුලෙහි නැළවෙමු.... සතුටින් අප එක් වීලා.... හැමදාමත් ඔබේ වැඩට.... සතුටු වෙලා දිරිය වෙලා.... අපේ ඔරුව පැදගෙන යමු.... ජීවන ගඟ එතෙර බලා.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

මිනිස්කමේ නාමයෙන්.......

Image
  මෙලොව පවතින දහමක් වේද, ඒ උතුම් වූ ආදරයයි. සදාතන ජීවයේ ප්‍රාණ වායුව; ඒ සත්‍ය ප්‍රේමයයි. මිනිස්කම නෙතින් දකිනා ඒ උත්තරීතර මනුෂ්‍යයාට, නැතහොත් ශ්‍රේෂ්ඨ යයි හංවඩු ගසන මිනිසුන්ට, ඔහුගේ සත්‍ය වූත් පිවිතුරු වූත්, හද ගැබ විවර කළ යුතුය. නමුත් එසේ නොවුණහොත්; ඔහුගේ එම හද ගැබද මිනිස්කම නොදැකීමට ඉඩ ඇත. කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පොත් පිටු අතරේ ගිලී නාන්නට සාහිත මාසේ ආවා.......

Image
බිනර මලින් පිරි.... සාහිත මාසේ ආවා....... පොත් කියවන්නට.... ඒ රසය විඳින්නට.... සාහිත මාසේ ආවා....... සාහිත උළෙලත්.... පොත් සල්පිළෙනුත්.... සාහිත රුචියත්.... එක්වී බැබළෙන.... සාහිත මාසේ ආවා....... මිනිසා සපිරුණු.... වන්නේ යම් සඳ.... ඔහු ඇය කියවිය යුතුමය පොත පත.... නව පොත් ලියවී.... පිට වෙයි නොදැන ම.... ඒ පොත් පිටු අතරේ.... ගිලී.. නාන්නට.... එන්න ප්‍රියේ....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

තබන්න පා පොඩි ආදරයෙන්....

Image
පිය ගැට නඟින්න ආදරයෙන්.... පා පොඩි තබන්න මා පුතුනේ.... අසන්න දෙසවන් ආදරයෙන්.... පා පොඩි තබන්න මා පුතුනේ.... බලන්න සුරතල් පා පොඩි රැඳුනේ කොතැන කියා.... සිතන්න ඔබ එසවිය යුතු පා කුමක් කියා.... සිතන්න දැන් ඔබ තබනා පා  තබන්නෙ කොතැන කියා.... ඔසවා ඔබ පා තබන්න ඊළඟ පඩිය බලා.... තබන්න පා පොඩි ආදරයෙන්.... නඟින්න පිය ගැට මා පුතුනේ.... අල්ලා මා අත හැකි ලෙසිනේ.... නඟින්න පිය ගැට මා පුතුනේ.... තබන්න පා පොඩි යන්තම් යන්තම්.... නඟින්න පිය ගැට මා පුතුනේ.... කළබල නොවෙමින් පා පොඩි තබමින්.... නඟින්න පිය ගැට මා පුතුනේ.... ඔබ පා තබන්න හැකිනම් තනියම.... තබන්න පා පොඩි අත් හැර මා අත.... බලන්න පියගැට තබනා පියවර.... තබන්න පා පොඩි අත් හැර මා අත.... තබන්න පා පොඩි යන්තම් යන්තම්.... නඟින්න පිය ගැට මා පුතුනේ.... කළබල නොවෙමින් පා පොඩි තබමින්.... නඟින්න පිය ගැට මා  පුතුනේ.... තබන්න පියවර පොඩ්ඩක් වේගෙන්.... නඟින්න පිය ගැට මා පුතුනේ.... බලන්න පියගැට තබන්න පා පොඩි.... නඟින්න පිය ගැට මා පුතුනේ.... දින දින ගෙවිලා පියගැට නැඟලා.... දෙපා නඟන දා දිවි කතරේ.... තබන්න ඔබ පා නිසි ලෙස මා පුත.... බ

ජීවිතය.......

Image
ලැබීය ප්‍රාණයක්; ගෙන යන්නට සසර මඟ.... ගෙවී යයි නොදැනීම.... කලබලකාරී ලෙසින්; හදාරයි අධ්‍යාපනය; ජීවිතයේ සාර්ථකත්වය දැකීම උදෙසා.... සැබැවින් ම එවිට සාර්ථකත්වයක් ලැබේ ද?.... කිව නොහැක අපට එය.... මන්ද යත්, ජීවයේ අරුත; අප නොදන්නා හෙයිනි.... දැන ගැන්මට උත්සහයක් ද නැති ලෙස ය.... බාහිර සතුට උදෙසා.... අප කෙතෙක් වෙහෙස වන්නේද? නමුදු හදේ සිනහවක් කවදා දකින්නෙහි ද?.... මන්ද යත්, අප; හදට ලං නොවුණු නිසාය.... හදවතේ සැබෑ සිතිවිලි.... අප ට කවටකම් කරන්නට වු සඳ.... ගෙවන මේ ජීවිතය.... කවදා නිමවේ දැයි හැඟෙනු ඇත.... එනමුඳු දැන ගත යුතුය ජීවිතය; වටිනා වස්තුවක් නොවන බව.... අවැසි විට ළඟ තබා ගැන්මටවත්.... නුවුමනා විටක පසෙක ලීමටවත්.... ගෙවා යා යුතුය සැබෑ ලෙස ජීවිතය.... ජීවිතයේ සාර්ථකත්වයක් දකින්නට නම්.......... කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා

ස්ත්‍රිත්වයේ නාමයෙන්....

Image
මිනිසුන් දැක ඇත්තෙමි මම. ඒත් මේ තාක් කල් නොදැන සිටියෙමි; මෙවන් මිනිසුන්ගේ පාරාදීසයක් ලෙස. කුමක් විද? මේ මිනිස් ගතියට.... නොදනිමි මා එය. ස්ත්‍රියක් වූූ පලියට මෙවන් වේදනාවක්, මා කෙසේ ඉවසන්න ද? ආදරය එක් දහමකි; රාගය එහි සෙවණැල්ලක් පමණි. නමුත් රාගය දහමක් වී ආදරය එහි සෙවණැල්ලක් වූවා ද? අහෝ! දෙවියනි, කෙසේ ඉවසන්නද? මෙය.... වෙර දරමි ස්ත්‍රිත්වය රැක ගන්නට, ස්ත්‍රිත්වයේ නාමයෙන්......... කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා

යථාර්ථයේ නාමයෙන්.........

Image
සිහිනයකි ජිවිතය; මතු දිනෙක සැබෑ වෙනා. නොමියෙන ප්‍රාර්ථනා, නව පණක් ලැබදේවි ඒ සිහිනයට. මායාවකි ජීවිතය; සැබෑ ලෙස නොපෙනෙනා.... මනෝ මන්දිර තනන හදවතය; ජීවයේ......... ප්‍රාණ වායුව වන්නෙ නිරතුරුව පුද දෙනා......... දිවියේ ඇරඹුමත් සමඟින් ම, මරණයේ මුවදොර ද; පෙනී නොපෙනී යත්ම, ජීවයේ සැබෑව වටහා ගන්නට තරම්; යථාර්ථවාදී මනසක්, හිමි ව ඇත ඔබට. නමුඳු වැටහේවි යම් දිනෙක; එය ඔබේ මනසට. යථාර්ථයේ නාමයෙන්......... යථාර්ථය අභිමුවේ නොසිලෙන පහන් සිලක් වේවා! කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා