Posts

සිඟිති මුවේ ටිකිරි සිනා.... බිළිඳු සිතේ මෙත් සිසිලා....

Image
සිඟිති මුවේ ටිකිරි සිනා.... බිළිඳු සිතේ මෙත් සිසිලා.... සුරතල් දඟ වැඩ තාමත්.... සිවුර හිමිට බර වැඩිදෝ.... නිකමට මෙන් මට සිතුණා.... දුටුවා ඔබ මේ විලසින්.... කුඩා හිමියනේ සතුටින්.... කුමක් දැකලාදෝ මෙලෙසින්.... සිනාහා සලන්නේ.... සිවුර කොනක් අල්ලමිනේ.... මහ හිමි නමක් විලසට.... මතු දා ඔබෙ හැසිරීමත්.... කියාපාන්නේ.... අනිත් හිමියනුත් සමඟින්.... දානයක ට වැඩලාදෝ.... ඔබ ගෙදරින් පැමිණි පසුව.... අද මගතොට වඩිනවදෝ.... පාසැල් යන ඔබේ වයසෙ.... කුඩා පුතෙක් දැකලාදෝ.... නිකමට මෙන් මට සිතුණා.... පුංචි මල්ලි එක්කල දැන්.... සෙල්ලම් බෑ පන්සලේ.... එයා ගෙදර තනියෙන් ඇති.... අම්මා එක්ක තනි වෙලා.... ඔයා බලන්නට එන්නම්.... පුංචි මල්ලියේ.... ඉක්මනට ම ලොකු වීලා.... උදේ ම මා පිබිදීලා.... හොඳට ගාථා කියවනවා.... මිදුල ඇමදලා අයෙත්.... හොඳට ගාථා කියවනවා.... ලොකු සාදුට හවස් යාමේ.... පාඩම් දෙමි ඒ ගාථා.... සොඳින් ඉගෙන ඒ ගාථා.... වියත් හිමි නමක් වීලා.... ගමත් නගා රටත් නගා.... ලොවත් නගන්න ට හිමියනි.... පතමි ඔබ ට වාසනා!.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

නිල් ම නිල් අහසක්....

Image
ලස්සනයි අද අහස බොහෝ සේ.... නිල් ම නිල් පාටයි.... හිරුගේ උණුසුම් රැස් දහරින්.... විකසිත වෙලා.... නෑ එකම එක සුදු වළාවක්.... නිල් සයුර සේ.... ලෙළ දේ මිරිඟු රැස් දහරා.... රඟන සයුරු රළ සේ.... මුළු රට ම විකසිත වෙලා.... හිරුගේ උණුසුම් රැස් දහරින්.... සතුටු සිනාහා ගලා.... ගං වතුර යයි සිඳීලා.... සනසලා මගේ උතුම් රට සදා.... ළඟ ඉන්න හිරු දෙවියනේ සෑමදා.... වැසි දෙවිඳු සමඟින් ම.... මතු මතුත් තනි නොකර ඇය.... අවැසි සේ වැසි ලැබී.... අවැසි සේ හිරු හිඳී.... මගෙ රට ම සතුටින් හිඳී.... නිල් අහස සතුටින්මමයි.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
දැනට 11,000 ට වඩා මාගේ නිර්මාණ බලා  රස විඳ  ඇති බව සතුටින් දන්වමි.  මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා අගේ කොට සිහිපත් කරමි.... I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 11 K. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve m y creations....

සුවඳ දේවා මතු මතුත්.... පතළ වීලා පන්හිඳේ අසිරිය!....

Image
දැයක් නළවා.... ලොවක් නළවා.... පන්හිඳෙන් විස්කම් කළෝ.... වඳින්නෙමි මම්.. ඔබ දෙපා.... පුදන්නෙමි මම්.. ඔබ දෙපා.... ඇරඹුමට ඔබෙ ගුණ ගයා.... ලෙයින් කඳුළින්.... සිනහවෙන්.... හැඩ කළා ඔබ කවි ගොතා.... හැඩ කළා ඔබ නව කතා.... හැඩ කළා ඔබ කෙටි කතා.... ලස්සනයි ඔබ ලියු කතා.... මනහරයි ඔබ කවි පොතා.... ලස්සනින් ඒ ලියු කතා.... ලස්සනින් ඒ ලියු කවෙන්.... මතු වුණා නව රැඟුම් වැයුමන්.... ඔබ ලියූ ඒ පොත පතින්.... නිවාලා අප දැනුම් පවසත්.... දැනේ ඔබ මට සෑමදා.... ඇඳුරුතුමියක් සේ.... සතපලා මසිත සෙනෙහසින්.... මවක් වූවා ඔබ එදා.... පුරවලා මසිත සවිබලින්.... පියෙක් වූවා ඔබ එදා.... ගෙන ගියා මා සොඳුරු විමනක් බලා.... නිවමිනා මහදේ විඩා.... දැනේ ඔබ මිතුරෙක්ම සේ.... නිවාලා මහද වේදනා.... මිතුරෙක් ම වූවා ඔබ එදා.... තබාලා මා සතුටිනා.... මිතුරෙක් ම වූවා ඔබ එදා.... ඔබ ලියූ ඒ පොත පතින්.... ගෙන යමින් සොඳුරු මං සොයා.... අප සැවොම තනි කරමිනා.... සඟවමින් අතීත මං සොයා.... කඳුළු සිනහා මතු කළා.... සැබෑ මිතුරෙක් ලෙස එදා.... ඔබෙන් ලද ඒ දැනුම වටිනා.... ඔබෙන් ල

හොඳම වෙදතුමිය ඇය ඒ වසරේ ම.......

Image
ඉන්නව ඇඳන් ළඟ මව්වරු දෙන්නෙක් ම.... දරුවා බිහි කරන දින නියමයි අද හෙට ම.... මේ මව ගෘහණියකි නිරතුරු නිවසේ ම.... අර මව වෙද තුමිය මේ ඉස්පිරිතාලේ ම.... එකවර කෙඳිරියක් ඇඳ ළඟකින් ආවේ.... මුල් මව සිටි ඇඳෙන් ඒ කෙඳිරිය ආවේ.... ළඟ ම සිටි හෙදිය බිය වී කඩිමුඩියේ.... බැලුවා ළං වෙලා මොකදැයි හිටිහැටියේ.... විමසා ඇගෙන් මන්දැයි ඒ හඬ ඇසුනේ.... තිරණෙ කළා මන්දැයි ඒ හැඳිනමිනේ.... කළබල වෙලා ගෙන ඇමතුම ඉක්මණිනේ.... සැළ කර සිටිය වෙද හට සිටි නිසි අසුනේ.... වෙද තුම එමින් සිටියා මග ටිකක් දුර.... ළඟ සිටි අනිත් මව බැලුවා මොකද අර.... ඒවන විටත් ඇය සිටියේ මහත් බර.... වේදනාවක ගියා එය අද ගොඩක් දුර.... හැඳින විගස වෙද මව තම කුස ඔසවා.... නැඟිටින ගමන් ළඟ සිටි හෙදියව කැඳවා.... සුදානම් කළා ඊළඟ දේ මොනවා.... දැනි දැනි තම කුස තිබූ වේඳනාවත් සඟවා.... විගසින් ගියා ඇය ප්‍රසූතගාරය ට.... කැඳවා හනික උපදෙස් දී හෙදියන් ට.... පටන් ගත්තා සේවය ඇගෙ කැප වෙන් ට.... දරුවා බිහි කළා මව පින්සිදු වෙන් ට.... වෙදදුරුවරිය දැක සුරතල් බිළිඳු වත.... වැතීරී සිටිය එතනින් විත්, ඇගෙ යහන මත.... දඟලන්න ට වුණා ඇය හෙමිහිට යහන මත..

මගෙ ඇත් රජුනේ.......

Image
පුතෙක් විලසින් ම හැම දින මට දැණුනේ.... දරු සෙනෙහසින් පිරිලයි මා ළය පිදුනේ.... එදා මෙන් ම හීලයි.. මට නම් නෑ.. නපුරු වුනේ.... මගේ ඇත් රජුනි.. නිදියන් ඉතින්.. දැන් සංතොසිනේ.... උඹේ ළඟින් හැමදාමත් මම ඉන්නම්.... නපුරු දනන්ගෙන් පණ මෙන් රැක ගන්නම්.... පියතුම වගේ ඔබ හට නිති දිරි දෙන්නම්.... මව්තුම වගේ ඔබ වෙත ආසිරි දෙන්නම්.... තනියට මගේ දිවි ගමනට එකතු වෙලා.... උඹ තනි රකියි මගෙ ලෝකයෙ පහන වෙලා.... වැරදීමකින් මම බැන්නොත් නපුරු වෙලා.... නොතැවෙන් මගේ ඇත් රජුනේ සමා වෙලා.... දින දින ගෙවී ලොකු වීලා තරුණ වෙලා.... උඹ සද්දන්තයෙක් වීලා හෙට දවස බලා.... පා තබනා දින මා ඇත මහළු වෙලා.... සළකාපන් එදාට මා ළඟට වෙලා.... මේ අහපන් මගෙ රජුනේ ළං වීලා.... මා මැරුනොතින් යම් දිනකදි මහළු වෙලා.... නොහඬා ඉඳින් පුතුනේ මට ළං වීලා.... පරිස්සමෙන් ඉඳපන් උඹ නොවී මුළා.... පියතුම වගේ මා හට අද තනි රකිනා.... පියතුම නුඹයි ඇත් ගොව්වනි මා රකිනා.... යන්නට සිතෙනමුත් මට හැම විට නිතිනා.... කොහොමද යන්නෙ හැරදා නුඹ මා රකිනා.... ආසිරි සළා මගෙ හිස අත ගා නිතින.... ආහර සොයා මා වෙත ගෙන එන නිතින.... අම්මා වගේමයි මා හැ

අම්මා ඒවි ඉක්මණට ම දුවලා දැන්.......

Image
සුරතල් සිඟිති මුව විදහා බලන්නේ.... ඇස් දෙක කිමද ලොකු කර කර බලන්නේ.... තනියම ඇයි ද මේ කොයිබ ද ඔබ එන්නේ........ අම්මා නැද්ද එන විට ඔබ හට බැන්නේ.... අම්මා හදනවා ලස්සන කේක් එකක්.... උපන් දිනේටයි මාගේ නොවී සැකක්.... අනිද්දාලු එන්නේ ඒ දවස හුඟක්.... වටිනව මටත් එනවද උඹ නොදී දුකක්.... අම්මා කොහේද උඹෙ හඳයෝ කොහෙද ගියේ.... බිව්වේ නැද්ද කිරි ටික ටික අද උදයේ.... ඇයි මේ දුකින් ඉන්නේ උඹ ඇයි හඳයෝ.... දන්නෙම නැද්ද අම්මා ඇයි කෝ හඳයෝ.... අම්මා කොහෙද දන්නේ නෑ මා තාමත්.... කිරි දීලා තුරුලට ගෙන ඊයෙ රෑත්.... මා නිඳි කළා හුරතලයට ඊයෙ රෑත්.... අම්මා තවම හොයනව මේ නෑ තාමත්.... අඬන්නෙපා හඳයෝ උඹ දුක් වීමෙන්.... අම්මා හනික එයි මේ දැන් තව ටිකකින්.... නැත්නම් අපේ අම්මාටත් කියමු ඉතින්.... අම්මා හොයලා දෙයි පොඩ්ඩක් ඉන්න ඉතින්.... තාම නැහැනෙ ඇය ආවේ නේද හඳයො.... දුවලා ගිහින් මා එන්න ද හනික හඳයො.... අපෙ අම්මා ඇවිල්ලා දැන් හොයලා දේවි.... නාඬා ඉන්න ඉතින් හඳයො අම්මා ඒවි.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා