අම්මේ, මේ බලන්නකො; දැන් මං උස ම උසයි....

ඒ අය තරම් මම නෑ උස නෑ කිව්වා.... අයියලා ටික ම මට මග දී බොරු කිව්වා.... ඇයි දැන් මමත් ඒ උසට ම සම කෙරුවා.... අම්මේ, මමත් දැන් උසනේ දැන් කිව්වා.... එන්නට කියන් අම්මේ ඒගොල්ලන්ට.... මම කොච්චර උස ද එය සිහියට ගන්ට.... අම්මට වැඩිය තව පොඩ්ඩයි උස වෙන්ට.... ඇත්තේ අම්මෙ, ඉක්මණට ම උස යන්ට.... අම්මා තරම් උස වීලා උසට උසයි.... මේ දැන් යන්න ඇත්නම් ඒ ගමන අගෙයි.... උස ගස් පවා දැන් මා ළඟ හරිම කොටයි.... අම්මා කොටයි දැන් ටික ටික මං උසමයි.... අම්මේ, මේ බලන්නකො; දැන් මං උස ම උසයි.... අහසත් අල්ලන්න ළඟමයි, උස ම උසයි.... සීයාට ආච්චිට වැඩියත් උස ම උසයි.... දැන්නම් ඉතින් හැම දෙනට ම වැඩිය උසයි.... මගෙ සුරතල් පුතේ දඟලන උස යන්න.... අහගනු සොඳින් තව ටික ටික උස යන්න.... නොසිතන් හනික උස යන්නට දඟලන්න.... නිසි කළ උස යාවී පුතුනේ සැනසෙන...