Posts

සිත් මල් අහසට.. ඔබ පායාලා.. හිරු කුමරුන් සේ....

Image
සිසිල් වළාවන් අතරින්.. එබිකම් කරලා හොරැහින්.... මා හද සලලා.. ගලා ඇවිත් ඒ හිරු රැස් මාලා.... සැඟවෙන්නේ කෙළෙසද මා දැන්.. ඒ හිරු රැස් අතරින්.... පිබිදීලා මා.. ඒ රන්වන් එළියෙන්.... නහවයි මා ගත.. ඔබ රැස් දහරින්.... විකසිත වීලා.. දිළි දිළි සැලෙමින්.... රන් මල් පිපිලා.. අද හැම පැත්තේ.... සැඟවෙන්නට බෑ.. දැන් නම් පෙර සේ.... සිත් මල් අහසට.. ඔබ පායාලා.... හිරු කුමරුන් සේ.. සිනා සිසී.... නැළවෙන මහදේ.. ඒ රැස් වැදිලා.... සිත් මල් සතුටින්.. විකසිත වීලා.... නැහැවෙමි ඒ.. හිරු රැස් අතරේ.... පිබිදෙන සියුමැළි.. කුසුමන් දැකලා.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

සතර වරම් දෙවි පිහිටයි පුතේ.... සතර වරම් දෙවි පිහිටයි දුවේ....

Image
බිළිඳු සිනා සුුරතල් මුවේ.... මට සුවඳයි සුවඳයි දුවේ.... බිළිඳු සිනා සුුරතල් නෙතේ.... මට සුවඳයි සුවඳයි පුතේ.... සතර වරම් දෙවියොත් එදා.... රැක්කා පුතුන් මහමායා කුසේ.... බෝ දුක් දරා සිටියා එදා.... සුප්පවාසා සත් වසරක් පුරා.... සුරතල් පුතුන් සුරතල් දූන්.... ලැබිලා මවුන් වේ අද තුටින්.... අහසින් ඇවිත් සඳමඞලින් ඇවිත්.... දෝ මගෙ පුතේ.. දෝ මගෙ දුවේ.... සතර වරම් දෙවි පිහිටයි පුතේ.... සතර වරම් දෙවි පිහිටයි දුවේ.... සිරිමා බෝ, රන්මැලි සෑ පිහිටයි පුතේ.... සිරිමා බෝ, රන්මැලි සෑ පිහිටයි දුවේ.... දුක් සෝ මැඳින්.. සතුටින් ඉඳින්.... නුවණින් වැඩී.. ලොව සුපසන් කරන්.... දහදිය හෙළා.. දිරි ගෙන සිතින්.... රට දැය නගා.. ජීවත් වෙයන්.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

දෙඅතම අහිමිවයි දිවි මග සරන්නේ.... අඹුදරු රකින මෙහෙවර මේ කරන්නේ....

Image
දෙඅතම අහිමිවයි මෙලොවට උපන්නේ.... කළ පව් තමයි මේ ලෙස මේ ගෙවන්නේ.... සැමදා මෙලෙස වේ ඔහු දිවි ගෙවෙන්නේ.... එළවළු විකුණන්න මේ පිය මනින්නේ.... වවලා බිරිඳ සමඟින් එළවළු නිබඳ.... නෙළලා ගසින් ගස එහි එළවළු සබඳ.... දමලා ගෝනියට ඒවා ගැට ගසා කද.... ගෙන යයි මෙලෙස ඔහු එය පොළ වෙතට අද.... විකුණා එළවළුත් මේ ලෙස දිනේ අද.... ගෙදරට ඕනෑ දේවල් ටික කියපු අද.... දුවටයි පුතාටයි ඕනෑ පොතුත් අද.... ගෙන යයි මුදල් සමඟින් ඔහු සතුට අද.... පියවරු  කෙතෙක්  තව ඉන්නා මෙලෙස ලොවේ.... දෑතම අහිමි වත් තම අඹුදරු රකින ලොවේ.... තම කය වෙහෙසලා සේවය ඒ සදන සුවේ.... නැත සමහර පිය ඇති දෑතම නැත ඒ සේවේ.... දෙඅතම අහිමිවයි දිවි මග සරන්නේ.... අඹුදරු රකින මෙහෙවර මේ කරන්නේ.... ලොවටම වාසනා මේ වැනි පියවරුන්නේ.... මතු අත් භවේ දෙඅතම ලැබ සොඳින්නේ!....   කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පුදුමයි දුටුවොතින් ඔබ ඒ බිළිඳු අද.... කුඩා හිමි නමයි ඒ පන්සලේ අද....

Image
පාළු වීදියේ කසල ගොඩේ පුංචි බිළින්දෙකි, දුකයි අනේ! නෑ කිසි ඇඬුමක්.... නෑ කිසි දෙඩුමක්.... බැල්ලක ඒ අසලින් යන්නේ.... ළංවී සෙව්වා නිබඳව කෑමක්, මේ දැන් දැන්.... දුටුවා බිළිඳු සිරුරේ වෙනසක්, දැන් දැන්.... ළංවී හනික ගත්තා එය.... තම කටට.... දිව්වා හනික.... තම පුතු දුටු මව විලස.... දිව්වේ පන්සලට.... ඒ අසලින් දිවෙන.... නිතරම පිහිට.... නෑ අන් සරණක් මෙමට.... කියමින් දිව්ව.. කිසාගොතමී.... සිහිපත් කරමින් අපට.... බිළිඳුව සෙමින් තියලා බිමට.... මොර දෙන්නට වුණා; තම පුතු මළ ලෙසට.... සැළ කර සිටින්නට වාගේ; මේ පුවත.... වැඩ සිටි හිමි නමක් වැඩියා..  විහාරය.... බලනට මොකද..  පන්සල් බිම විකාරය.... ළං වී හනික..  දුටුවා නෑ විකාරය.... බිළිඳු රැගෙන ඉක්මණට ම.. වැඩියා හිමි සිටි විහාරය.... සුවපත් කළා හැකි ලෙස..  ඒ මොහොතේ ම.... ඉන් පසු ගෙන ගියා..  රෝහල වෙත යාබද ම.... දීලා බෙහෙත් අනෙ ඒ බිළිඳාට.... සුවපත් වුණා බැල්ලට පින් සිදු වෙන්ට.... අද මම පවසලා ඒ දුක්බර පුවත.... සිහිපත් කරමි අගනා ඒ බැල්ල අද.... පුදුමයි දුටුවොතින්

සුරඟන ලොවින් ආවා දෝ මගෙ පුතුනේ....

Image
පැතුමන් ඉටු වෙලා මහදේ හැඟුම්බර.... ආදර සෙනෙහෙ ගඟ ගලලා සෙනෙහෙබර.... මේ සසරෙදිත් හමු වීලා පැතුම්බර.... සිත් මල් යා කළා සතුටින් දයාබර.... හද වේදනා දුරු වී සිත සතුටින් දැන්.... අප ළං වෙලා ආදරයෙන් සතුටින් දැන්.... අප දැන් එක් වෙලා බැඳුමෙන් රන්හුයකින්.... මගෙ ලෝකයම ඔබමයි හිමියනි මේ දැන්.... සුරඟන ලොවින් ආවා දෝ මගෙ පුතුනේ.... සුුරතල් සිනහ හඬ අප දෙහදේ රැඳුනේ.... පුන් සඳ විලස දිලි දිලි අප හද උයනේ.... දින දින ලොකු වෙන්න හනිකම මගෙ පුතුනේ.... පියුමන් පිපී මා සිහිනේ පොකුණු සලා ... කිරි සුවඳින් පිරි පුුතු මුව සිනහ සිලා.... ඒ සුවඳින් අපෙ ලොව අද පහන් වෙලා.... මතු දා වාසනා වේ ආසිරි සෙමෙර සලා.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

ඉකිබිඳින සිත.......

Image
ගොළු වූ මසිත ඉකිබිඳින හඬ ඇසී බැලීමි. යළි ඔබේ සෙවණැලි; මහද පෙනී නොපෙනී යයි.... ඔබේ සිනහවන්, කථාවන්; යළි මසිත ට එබිකම් කරන්නට හදයි.... දොරඟුළු දැමූ මහද සිතිවිලි; යළි කාටත් හොරෙන් මහද අද්දරට වී; ඉකිබිඳින්නට වෙර දරයි.... කුමක් කරන්නද කියා සිතාගත නොහැක මට.... ආදරයේ නාමයෙන්.. ගොළු වූ මසිත.... වැළපෙන්නට නොදී; රැක ගන්නට සිතේ.... නමුදු ගලනා ආදර ගඟුලේ.... සිතිවිලි හමුවේ; මහද අසරණය.... ඔබට බැඳි සෙනෙහසේ නාමයෙන්.... කඳුළක් මෝඳු වන්නට දඟලයි.... ඔබ ළඟින් හිඳ ඔබට, තුරුළු වන්නට සිතේ.... ඔබව යළි දකින්නට; මහද බලා සිටිනා සැටි.... ඔබට දැනේ නම් යයි; සිත හඬා වැටේ.... යළි පෙර මෙන් එක්වන්නට ඇත්නම්.... මහද ඔබ යළි එනතුරා බලා හිඳී.... ඔබ ළඟින් හිඳ සැනසෙන්නට, ඔබ මගේ ම වන්නට සිත පෙරුම් පුරයි.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

අම්මේ, මේ බලන්නකො; දැන් මං උස ම උසයි....

Image
ඒ අය තරම් මම නෑ උස නෑ        කිව්වා.... අයියලා ටික ම මට මග දී බොරු කිව්වා.... ඇයි දැන් මමත් ඒ උසට ම සම කෙරුවා.... අම්මේ, මමත් දැන් උසනේ දැන්  කිව්වා.... එන්නට කියන් අම්මේ      ඒගොල්ලන්ට.... මම කොච්චර උස ද එය සිහියට    ගන්ට.... අම්මට වැඩිය තව පොඩ්ඩයි උස වෙන්ට.... ඇත්තේ අම්මෙ, ඉක්මණට ම උස යන්ට.... අම්මා තරම් උස වීලා උසට            උසයි.... මේ දැන් යන්න ඇත්නම් ඒ ගමන අගෙයි.... උස ගස් පවා දැන් මා ළඟ හරිම  කොටයි.... අම්මා කොටයි දැන් ටික ටික මං  උසමයි.... අම්මේ, මේ බලන්නකො; දැන් මං උස ම උසයි.... අහසත් අල්ලන්න ළඟමයි,           උස ම උසයි.... සීයාට ආච්චිට වැඩියත්                 උස ම උසයි.... දැන්නම් ඉතින් හැම දෙනට ම වැඩිය       උසයි.... මගෙ සුරතල් පුතේ දඟලන    උස යන්න.... අහගනු සොඳින් තව ටික ටික උස යන්න.... නොසිතන් හනික උස යන්නට දඟලන්න.... නිසි කළ උස යාවී පුතුනේ   සැනසෙන්න.... උසට උස වුනත් පුුතුනේ වැඩ          නැත්නම්.... කුමට ද පුතුනි, එය දැන ගත යුතු පුත      නුඹ නම්.... කළ පැමිණිලා උස යයි මගෙ පුතු   හොඳ නම්.... පාවඩ එළා ගරු සරු කරවයි ඒ ව