Posts

කෙටි කථාව....

Image
මිනස්කම මෙලොව පවතින දහමක් වේද, ඒ උතුම් වූ ආදරයයි. සදාතන ජීවයේ ප්‍රාණ වායුව; ඒ සත්‍ය ප්‍රේමයයි. මිනිස්කම නෙතින් දකිනා ඒ උත්තරීතර මනුෂ්‍යයාට, නැතහොත් ශ්‍රේෂ්ඨ යයි හංවඩු ගසන මිනිසුන්ට, ඔහුගේ සත්‍ය වූත් පිවිතුරු වූත්, හද ගැබ විවර කළ යුතුය. නමුත් එසේ නොවුණහොත්; ඔහුගේ එම හද ගැබද මිනිස්කම නොදැකීමට ඉඩ ඇත. ජීවිතය පිළිිබඳ තවමත් අවබෝධයක් නොමැති කුඩා පුතු පාසල් යාමට සැරසෙන සැටි දකින විට මහද උද්දාමයෙන් පිරී යයි. ඉතා ආශාවෙන් පාසල් යාම සඳහා පිබිදෙන පුතු ඉතා කඩිසරව ඒ සඳහා සූූදානම් වන අයුරු සුනිල් හා මම ඉතාමත් ආශාවෙන් බලා සිටින්නෙමුු. අපගේ කුඩා පුුතු කවදා හෝ හොඳ ගති පැවතුම් ඇති උසස් පුද්ගලයකු වන බව අප දෙදෙනාගේ විශ්වාසය මෙන් ම පුතු දකින ඕනෑම කෙනෙකුගේ විශ්වාසය විය. අප විවාහ වී දැනට අවුරුදු 8ක් පමණ ගත වුණි. සඳරුවන් පුතු අපට ලැබුණු ප්‍රථම දරු සම්පතයි. පුතු දැනට තෙවන වසරේ ඉගෙනුම ලබයි. දිනපතා උදෑසනින් පිබිදෙන මා උදෑසන ආහාරය මෙන් ම දිවා ආහාරය ද සූදානම් කරන අතර ටික මොහොතකින් සුනිල් ද පිබිදී මා හා හවුල් වෙයි. සැබැවින් ම ඔහු මට සැබෑ සහකරුවෙකි. අප දෙදෙන මහන්සි වී ජීවිතය ගෙන යාමට දක්වන කැපවී

කවිය ඔබ.......

Image
සිතිවිලි මතු වී විසිරෙන.... එක් කොට තනනා සුුව දෙන.... සැම දන මන පුුබුදන.... කවියයි ඔබ අප සතපන.... දැහැනක් වෙත අප ගෙන යන.... පුදුමෙකි සිත් සුව ඔසු දෙන.... සැම දන සිත් මල් පුබුදන.... කවි තුරු වදුලේ රඟ දෙන.... හඬවා සිත අප සැනසෙන.... ගෙන දී රිඳුමන් හද කොන නෙත් මත කඳුලැලි නංවන.... කවියයි ඔබ අප හඬවන....  සිතිවිලි මතු වී පිබිදෙන.... ආසිරි මල් ලොව පුුබුදන.... පතමින් සැම වෙත මෙත් මිණ.... කවියයි ඔබ ලොව පුබුදන....  කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

තනිකමේ නාමයෙන්.......

Image
තනි වෙලා හිඳිමි මම; දිවි කතරේ නිමග්නව. දිය පොදක් නොලදමුත් මුවට නොදැනුණි පිපාසයක්....... ලද එක් මිනිස් ඇසුරකිනිඳු හදට නොලැබුුණි සැනසුමක්. තනිකම මා වෙලා ගත් සඳ....... නිබඳ සොයනෙමි කොහේ සැඟවුණිද ? ඒ මා සොයන සැනසුම...... තනිකමේ නාමයෙන්....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

දින දින ගෙවී.. මගෙ රන් පුතේ..දින දින ගෙවී..මගෙ රන් දුවේ.. ප්‍රතිඵල ඇවිත්.. ශිෂ්‍යත්වයේ....

Image
මල් කැකුළු වන් මා සුරතල් දුවේ.... මල් කැකුළු වන් මා සුරතල් පුතේ.... හිනැහී සදා මා සනසන් දුවේ.... හිනැහී සදා මා සනසන් පුතේ.... දින දින ගෙවී.... මගෙ රන් පුතේ.... දින දින ගෙවී.... මගෙ රන් දුවේ.... ප්‍රතිඵල ඇවිත් ශිෂ්‍යත්වයේ.... ප්‍රතිඵල බැලූ මා දූ පුතුනි.... සතුටින් ද ඔබ දැන් අද දිනේ.... මව් පිය පැතුම් ඉටු කළ සොඳින්.... මා දුව පුතේ තුටු වී සොඳින්.... ගෙන යන්න ඉගෙනීම සැමදා සොඳින්.... ප්‍රතිඵල බැලූ මා දූ පුතුනි.... දුක් වූවදෝ ඔබ දැන් ඉතින්.... ප්‍රතිඵල මදී සිතලා සොවින්.... ඉටුු කළෙ නැතැයි මව් පිය පැතුම්.... ශිෂ්‍යත්වයෙන් ඔබ අසමත් වුවත්.... දිරි ගෙන සිතින්.... හැකි වෙර යොදා.... ඉගෙනීම නිබඳා.... කළදා දුවේ.... ඉගෙනීම නිබඳා.... කළදා  පුතේ.... මතු දා වාසනා වේ මගෙ රන් දුවේ.... මතු දා වාසනා වේ මගෙ රන් පුතේ.... මා පිය පැතුම් හැම ඉටු කොට සොඳින්.... රට බබළවා, ලොව බබළවා.... ඔබේ නම රන්දා සිරි ලක් බිමේ.... ඔබේ නම රන්දා මේ මුළු ලොවේ.... පා නගන්නට ලොවට මගෙ රන් දුවේ.... පා නගන්නට ලොවට මගෙ රන් පුතේ.... දිරි ලැබේවා ඔබට සැමදා දුවේ.... දිරි ලැබේවා ඔබට සැමදා පුතේ.

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
දැනට 12,000 ට වඩා මාගේ නිර්මාණ බලා  රස විඳ  ඇති බව සතුටින් දන්වමි.  ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා අගේ කොට සිහිපත් කරමි.  මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි.  I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 12 K. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve m y creations....

සිත් මල් අහසට.. ඔබ පායාලා.. හිරු කුමරුන් සේ....

Image
සිසිල් වළාවන් අතරින්.. එබිකම් කරලා හොරැහින්.... මා හද සලලා.. ගලා ඇවිත් ඒ හිරු රැස් මාලා.... සැඟවෙන්නේ කෙළෙසද මා දැන්.. ඒ හිරු රැස් අතරින්.... පිබිදීලා මා.. ඒ රන්වන් එළියෙන්.... නහවයි මා ගත.. ඔබ රැස් දහරින්.... විකසිත වීලා.. දිළි දිළි සැලෙමින්.... රන් මල් පිපිලා.. අද හැම පැත්තේ.... සැඟවෙන්නට බෑ.. දැන් නම් පෙර සේ.... සිත් මල් අහසට.. ඔබ පායාලා.... හිරු කුමරුන් සේ.. සිනා සිසී.... නැළවෙන මහදේ.. ඒ රැස් වැදිලා.... සිත් මල් සතුටින්.. විකසිත වීලා.... නැහැවෙමි ඒ.. හිරු රැස් අතරේ.... පිබිදෙන සියුමැළි.. කුසුමන් දැකලා.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

සතර වරම් දෙවි පිහිටයි පුතේ.... සතර වරම් දෙවි පිහිටයි දුවේ....

Image
බිළිඳු සිනා සුුරතල් මුවේ.... මට සුවඳයි සුවඳයි දුවේ.... බිළිඳු සිනා සුුරතල් නෙතේ.... මට සුවඳයි සුවඳයි පුතේ.... සතර වරම් දෙවියොත් එදා.... රැක්කා පුතුන් මහමායා කුසේ.... බෝ දුක් දරා සිටියා එදා.... සුප්පවාසා සත් වසරක් පුරා.... සුරතල් පුතුන් සුරතල් දූන්.... ලැබිලා මවුන් වේ අද තුටින්.... අහසින් ඇවිත් සඳමඞලින් ඇවිත්.... දෝ මගෙ පුතේ.. දෝ මගෙ දුවේ.... සතර වරම් දෙවි පිහිටයි පුතේ.... සතර වරම් දෙවි පිහිටයි දුවේ.... සිරිමා බෝ, රන්මැලි සෑ පිහිටයි පුතේ.... සිරිමා බෝ, රන්මැලි සෑ පිහිටයි දුවේ.... දුක් සෝ මැඳින්.. සතුටින් ඉඳින්.... නුවණින් වැඩී.. ලොව සුපසන් කරන්.... දහදිය හෙළා.. දිරි ගෙන සිතින්.... රට දැය නගා.. ජීවත් වෙයන්.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා