අනේ පුතුනේ එන්න හනිකේ, බලන්නට මා පුතු මගේ!
![Image](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgetk-jMUlWS3QBsDEYAi_WpO94TAgolupA6JUrZiiPRwds1_E9sOdjMgKdP2l262cWPlvGhRG-hpwht6gxfp1Ue6lfY1z-ir5wPi4ffyFPgRYSqaNH6G9qonrMdmhzCbdXA9KLgo5OmJE/s400/23844614_317549258652112_157708292396365003_n.jpg)
දසමසක් කුස දරන් මා ඔබව බිහි කළේ.... දරුවනේ ඔබ ඇයිද අප මෙහෙම තනි කළේ... දරු දුකින් වැළපෙනවා සෝ සුසුම් හද පතුළේ.... දරුවන්ව සොයනවා සැමදාම නෙත් මිදුලේ.... දණ ගගා නැඟිටිමින් සිට ගත්තා පුතු එදා වැටි වැටී.... අත දුන්නා හිනැහෙමින් නැගිටින්න මා එදා වැටි වැටී.... බත් අනා කවමින් ම හුරු කළා මා එදා කන හැටී.... ඇයිද පුතුනේ මන්ද අද ඔබට නෑ අම්මා නෑ වටී.... අකුරු කරනට සැමදා පාසලුත් ගෙන ගියා.... බොහෝ දුක් දරා වැඩ කළේ පුතුනේ පියා.... මාත් සමඟින් පුතා රැක ගත්තා පාමින් දයා.... ඇයිද පුතුනේ මෙලෙස තනි කළේ ඔබ පියා.... උණ සැදී ඒ දිනේ පුතු හැඬූ හැටි නිසා බිය වුණේ.... පුතු වඩන් වෙදතුමන් වෙත දුවපු හැටි එදා සිහි වුණේ.... නොහිටින්න පියතුමන් දුවන්නේ කෙලෙසදෝ මා අනේ.... නංගි සිටියේ එදා කුසේ මගේ දඟලමිනේ.... මෙත් ගුණෙන් වැඩුණා මගේ සිත පුතු නිසා මා දුටු එදා.... කුළුණුබර වී වැඩුණා මුදු ගුණ පුතු නිසා ඒ මගෙ සදා.... ඔබෙන් සැළකුම් ලබන්නට මා නැතිද පුතුනේ මල් පුදා.... අනේ පුතුනේ මමත් ඉවසමි උපේඛා ගුණ සිත සදා.... අජාසත් රජු නිරේ වැටුුණා, පියතුමට දුක් දුන් නිසා.... මගේ පුතුනේ ඔබට වෙන්නට එපා දුක් ගිනි අප