Posts

Showing posts from January, 2018

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
මාගේ වෙබ් අඩවියේ පළවූ නිර්මාණයන් අතරින් වැඩිම පිරිසක් මෙම නිර්මාණ බලා රස විඳ ඇති බව සතුටින් දන්වමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා අගේ කොට සිහිපත් කරමි. 1. සැබෑ ආදරය....... - 483 2. මගෙ ඇත් රජුනේ....... - 403 3.Desert Flower...... කාන්තාරයේ කුසුම...... - 375 4. හොඳම වෙදතුමිය ඇය ඒ වසරේ ම....... - 374 5. පුදුමයි දුටුවොතින් ඔබ ඒ බිළිඳු අද.... කුඩා හිමි නමයි ඒ පන්සලේ අද.... - 370 6. ඔෂීන්.... -  361 7. වැස්ස වළාහක දෙවියනි, දිවැස් හෙළනු මැන...  - 349 සැබෑ ආදරය....... දෑත් දෙපා අහිමි වුනත්.... හදවත පෙම් බැන්ද සෙනෙහෙ.... නෑ අඩුවක් නම් වීලා.... එදා වගේමයි තාමත්.... ඔබ මා ඇත එක් වීලා.... ඔබගේ සිත් මල් සුවඳින්.... මහද පියුම් විකසිත වී.... ආදරයෙන් තව ළං වෙයි.... ඔබ තුරුලෙහි නැළවෙන්නට.... දසතම ඒ මල් සුවඳින්.... පිබිදීලා සැනසීලා.... අපේ ලොවෙහි සතුට විඳිමු.... ආදරයෙන් සැනසීලා.... සංසාරෙන් සංසාරෙට.... ඉන්නට ඇති හැමදාමත්.... ඔබ මා ළඟ එක් වීලා.... අහිමි වුනත් දෑත් දෙපා.... නෑ අඩුවක් මා සෙනෙහේ.... රැක ගන්නම් ඔබව සදා....

සිතන්න හැකි නම් දිනන්න.. දිනුමේ ඇරඹුම එය වේ සිතන්න.... Sithanna Hekinam Dinanna.. Dinume Arambuma Eya We Sithanna....

Image
Sithanna Heki Nam Dinanna.... Dakinna Heki Nam Dinanna.... Thabanna Piyawara Thabanna.... Dinanna Dinanna Sithanna.... Thabanna Piyawara Thabanna.... Nisi Maga Osse Thabanna.... Sithanna Dinanna Sithanna.... Dakinna Sithanna Dinanna.... Duwanna Nisi Maga Duwanna.... Wiriyen Duwanna Duwanna.... Duwanna Noweti Duwanna.... Wetunath Sithanna Dinanna... Wetune Mandei Sithanna.... Nuwanin Sithanna Sithanna.... Newathath Duwanna Duwanna.... Duwamin Sithanna Dinanna.... Sithanna Hekinam Dinanna.... Dakinna Hekiwe Dinanna.... Duwann Hekinam Dinanna.... Labanna Hekiwe Dinanna.... Sithala Dekala Manasin Duwala.... Dinala Dinala Manasin Dinala.... Duwala Duwala Sebewin Duwala.... Dinala Dinala Sebewin Dinala.... සිතන්න හැකි නම් දිනන්න.... දකින්න හැකි නම් දිනන්න.... තබන්න පියවර තබන්න.... දිනන්න දිනන්න සිතන්න.... තබන්න පියවර තබන්න.... නිසි මඟ ඔස්සේ තබන්න.... සිතන්න දිනන්න සිතන්න.... දකින්න සිතන්න දිනන්න.... දුවන්න නිසි මඟ දුවන්න.... විරියෙන් දුවන්න දුවන්න.... දුවන්න නොවැටී දුවන්න.... වැ

සුරතල් පුතු හිනැහෙනවා.... මොනවද මට කොඳුරනවා....

Image
සුුරතල් පුතු හිනැහෙනවා.... මොන මොනවද විමසනවා.... සිඟිති සිරස සොලව සොලව.... මොනවද මට කොඳුරනවා.... දෑසම දල්වා ගෙන දැන්.... මොනවද පුතු විමසන්නේ.... අම්ම එක්ක සණ්ඩු වෙන්න.... වාගේ පුතු සැරසෙන්නේ.... අම්ම කිව්ව දේ දැනිලා.... දෝ පුතුනේ හිනැහෙන්නේ.... එහෙට මෙහට කැරකි කැරකි.... දෑත් දෙපා සොළවන්නේ.... සුරතල් මුව සොළව සොළව.... තව මොනවද විමසන්නේ.... අම්ම එක්ක ඇවිදින්නට.... දෝ පුතු මේ දඟලන්නේ.... හිටි හැටියෙම සිනා සලා.... සිඟිති දෙපා සොළවාලා.... දෑත් දෙපා වීදාලා.... තාත්තාව දැකලා.... සුරතල් පුතු හිනැහෙනවා.... සිඟිති සිනා රැව් දෙනවා.... සිඟිති සිරස සොලව සොලව.... මොනවද දැන් කොඳුරනවා.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
දැනට 14,000 ට වඩා මාගේ නිර්මාණ බලා  රස විඳ  ඇති බව සතුටින් දන්වමි.  ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා අගේ කොට සිහිපත් කරමි.  මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි.  I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 14 K.   Of-course, the reality is that this accomplishment couldn’t have happened without you, the readers of my blog. When I sit down to write about the ideas or insights I want to share here, there’s always that consideration in my mind of how this can benefit you. With so many wonderful resources and bloggers out there sharing great content and ideas, I want to make sure that readers are happy with their decision to spend some of their time here on my blog. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations. ඔබෙන් ලද පන්නරය සමඟින්.... ලියා පද වැල් සොඳුරු විලසින්.... මතු කළා කවි පදත්

වඳිමු රන්වැලි සෑ බැතිනි....

Image
අනුරපුරේ අහස පුරා රන්වැලි සෑ රැස් විහිදා දැයේ අඳුර දුරු කරලා ආසිරි මල් සෙමෙර සලා සුදෝ සුුදට බබළන්නා.... සුවඳ මලින් පුද දෙන්නා.... මුඳුනත් දී නමඳින්නා.... රන්වැලි සෑ බැති සිතිනා.... පින්වත් ලක් මෑණියගේ.... හෙළ අසිරිය විහිදාලා.... බුද්ධ ධාතු වැඩ හිඳිනා.... ස්වර්ණමාලි සෑ දිලෙනා.... ස්වර්ණමාලි සෑ වඳිනට.... අහසින් දෙවිවරු වැඩලා.... සුවඳ මලින් අසිරි සලා.... ගැමුණු රජිඳු මවිත කළා.... ස්වර්ණමාලි සෑ මුඳුනින්.... සුදෝ සුුුදු වළා පාවී.... සැම දන මන නෙත් පිනවා.... බැතියෙන් සෑ මුනිඳු වඳී.... වඳිමු රන්වැලි සෑ රජුන්.... පුදා සුවඳැති නේක පියුමන්.... මුඳුනත් දී බැති පෙමින්.... දල්වලා අප සිත් පහන්.... කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා

ඇයි අම්මේ මේ හැටි ලොබා.. මිනිසුනේ ගජමුතු ලබා.. වනසන්නෙ අප දිවි නසා.....

Image
අම්මේ ඔබ දැන් ගොතා කියනා ඒ රස බර කතා අසලා හරිම තුටු වෙතා සිතට ගමි මේ පොඩි පුතා එදා මා කැළේ තනි වෙලා සිටින විට සිත දුක් වෙලා අඬපු හැටි මට සිහි වෙලා කඳුළු එනවා මා නෙත් සලා අත්තම්මලා අපේ සීයලා නැන්දලා අපේ මාමලා සිටියලු නොවී බය වෙලා ඒ කාලේ සිටි රජ වෙලා ඇයි අම්මේ මේ හැටි ලොබා දිලෙන ඒ දළ දෙක ලබා මිනිසුනේ ගජමුතු ලබා වනසන්නෙ අප දිවි නසා කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා

නැවුම් පැතුම් සිත දරා.. දෙපා තබමු නව වසරට සතොසින්....

Image
නව වසරක් එළඹෙනා.... ආසිරි මල් පිබිඳෙනා.... මෙත් සිසිලෙන් නැහැවෙනා.... දෑ බැති මල් පිබිඳෙනා.... සමඟි දමින් හැඩ වෙනා.... කුළුණු ගුණෙන් සපිරෙනා.... සිත් මල් සුවඳින් නැළැවෙන.... නව වසරක් එළඹෙනා.... රන් මැලි සෑ.. සමිඳු බෙලෙන්.... සිරිමා බෝ.. සමිඳු බෙලෙන්.... රැක දේවා.. අප සැම දෙන.... ආසිරි මල්.. වරුසාවෙන්.... ගිය වසරේ.. ලැබු පැරඳුම්.... සිත් රිඳවුම්.. ලද ගෙරවුම්.... සිහියට ගෙන.. ලද ජය පැන්.... දෙපා තබමු.. සිත් සතොසින්.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා