Posts

සත් සර වරුණා.......

Image
අම රස මී බඳු සත් සර රිද්මේ....... සවණත වැකෙනා.... මා හද සැලෙනා....... සිතිවිලි මා හද පුබුදු කළා....... රැව් පිළිරැව් දී.... මා හද තනුවම වෙනස් කළා....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

ලක් සසුනඹරේ පහන් තරුව නිවි යයි.......

Image
සඳහම් දියරෙන් ලොව නැහැ වූ අරිය ධම්ම සමිඳේ....... ලක් සසුනඹර දිලුණ පහන් තරුව ඔබ....... මෙත් දහරින්, සැම දන හද සනසා.... ලක් බුදු සසුනේ වැඩ සිට.... විනය ධරයි ඔබ ධර්ම ධරයි ඔබ.... අරිය ධම්ම සමිඳේ....... සැම දන හද දම් සිසිලෙන් පුරවා.... මෙත් ගුණ දහමින් දහම් දෙසා.... ලක් දෙරණ ම විකසිත කරවා ලූ..... අරිය ධම්ම සමිඳේ....... බොදු දන සැනසූ.... අරි දම් සමිඳුනි, බවුන් වඩා මතු උපදින භවයේ.... නිවන් දකිත්වා ඔබ සමිඳේ....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

අැදුරුතුමියේ....

Image
සිප් කිරෙන් මා නැහැවූ... දෙවෙනි මවුන් ඔබ.... යා යුතු මග නිබඳ පෙන්වූ... අැදුරුතුමියයි ඔබ.... පාසලින් වෙන් වුනද ඔබෙන් ලද ඔවා මිණි සිප් සතර අමතක නොවේ... මා ගුරු මව්නිි....... සැමදා සිහි කරමි මම්....... ජය කණුව වෙත පා නගන්නට මා මෙහෙය වූ ගුරු මව්නිි... සැමදා සිහි කරමි ඔබ ගුණ....... පතන්නෙමි දීඝායු මම්....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පොත් කියවීම

Image
ඔබෙන් ලද දැනුම වටිනා.... ඔබෙන් ලද දිරිය අගනා.... ඔබෙන් ලද සතුට සහනා.... නැත කීමට සතු වදනා.... මනස වැඩුමට නිබඳා.... කියවිමි පොත් සැමදා.... දැනුම ලැබුවෙමි.... දැනුම ලබනෙමි සැමදා.... මතක වැඩුමට නොමඳා.... උගත් දේ මා බෝ මා.... අස්වැසිල්ලට පෙරදා.... සිටියෙ ඔබමයි මා හා.... පොත් කියවීම මතුදා.... කළ යුතුය අප සැමදා.... කියවීම පොත් සැමදා.... වේය ඔබ පිරුණු මිනිසා.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

ඇසළ සඳයි දළදා පෙරහැරයිි.......

Image
නිසල රැයේ සුපුන් සඳේ..... දළදා සිරි අසිරි මැවේ..... සැම දන හද සඳ සිසිලෙන්..... බැති සිසිලෙන් සතුටු වෙතේ..... සිරිලක් මව් සිනාසෙමින්..... නව දවසට අසිරි පතයි..... සිරි දළදා පෙරහැරිනේ..... සැම දන හද සතුටු වෙතේ..... දළදා පෙරහැර ගෙනෙනා..... දෙව් විමනක සිරි මවනා..... වෙස් නැටුමෙන් බැති ගීයෙන්..... ආසිරි චාමර සලනා..... දළදා කරඬුව රැගෙනා..... මාළිග ඇත් රජු පොරණේ..... සාදු නදින් නමදිමිනා..... සෑම දනා බැති සිතිනේ..... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පෙම්බරයාණනේ.......

සංසාර ගමනේ.... මේ සොඳුරු නවාතැනේ.... හමුවූ ඔබ....... පෙර අත් බැව්හි.... හමුවී ඇති සෙයකි....... සසර පුරුද්දට මෙනි.... මසිත ඔබ හා බැඳුනේ....... මා ආදරණීය කුමරුවනි.... සිහිනයේ කුමරා ඔබය....... මහද පවිත්‍ර ප්‍රේමයේ.... හිමිකරුවා ඔබය....... ඔබට බැඳි සෙනෙහසේ නාමයෙන්.... ඔබ වෙනුවෙන් ම දිවි ගෙවන්නට.... මහද දිවුරුම් දී හමාරය....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

විභාගය....

Image
කොවුලා වසන්ත සමයට අඬ ගසාවි.... වසන්ත සමයක උදාව පතුරවාවි දසතම.... මාගේ වසන්තය වෙත අඬ ගසාවි විභාගය.... ඒ සුමිහිරි වසන්තයේ උදාව පතුරවාවි ද නොදනිමි....... නමුත් හෙට පිය නඟන්නෙමි.... විභාග මධ්‍යස්ථානය වෙත; එළඹෙන දිනේ වසන්තය උදා කර ගන්නට....... තරඟකාරීත්වය හමුවේ ජය ගන්නට නම්, මා නිවැරදිව මුහුණ දිය යුතුය එයට.... එසේ නොවුනහොත්........ ඒ සුන්දර ජීවිතය; මිරිඟු සයුරක් නොවන්නෙහිද එදිනට?..... මා පිය අපේක්‍ෂා සුණු විසුණු වී යත් ම; හදවතේ පසුතැවිලි නිබඳවම වද දේවි මාහට....... දිවියේ සාර්ථකත්වය කෙසේ ලබන්නෙම් ද මම්? නොදනිමි තවම; නමුත් එක් දෙයක් පසක්ව ඇත....... මවිසින් විභාගය දිනිය යුතුව ඇත....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා