Posts

තබන්න පා පොඩි ආදරයෙන්....

Image
පිය ගැට නඟින්න ආදරයෙන්.... පා පොඩි තබන්න මා පුතුනේ.... අසන්න දෙසවන් ආදරයෙන්.... පා පොඩි තබන්න මා පුතුනේ.... බලන්න සුරතල් පා පොඩි රැඳුනේ කොතැන කියා.... සිතන්න ඔබ එසවිය යුතු පා කුමක් කියා.... සිතන්න දැන් ඔබ තබනා පා  තබන්නෙ කොතැන කියා.... ඔසවා ඔබ පා තබන්න ඊළඟ පඩිය බලා.... තබන්න පා පොඩි ආදරයෙන්.... නඟින්න පිය ගැට මා පුතුනේ.... අල්ලා මා අත හැකි ලෙසිනේ.... නඟින්න පිය ගැට මා පුතුනේ.... තබන්න පා පොඩි යන්තම් යන්තම්.... නඟින්න පිය ගැට මා පුතුනේ.... කළබල නොවෙමින් පා පොඩි තබමින්.... නඟින්න පිය ගැට මා පුතුනේ.... ඔබ පා තබන්න හැකිනම් තනියම.... තබන්න පා පොඩි අත් හැර මා අත.... බලන්න පියගැට තබනා පියවර.... තබන්න පා පොඩි අත් හැර මා අත.... තබන්න පා පොඩි යන්තම් යන්තම්.... නඟින්න පිය ගැට මා පුතුනේ.... කළබල නොවෙමින් පා පොඩි තබමින්.... නඟින්න පිය ගැට මා  පුතුනේ.... තබන්න පියවර පොඩ්ඩක් වේගෙන්.... නඟින්න පිය ගැට මා පුතුනේ.... බලන්න පියගැට තබන්න පා පොඩි.... නඟින්න පිය ගැට මා පුතුනේ.... දින දින ගෙවිලා පියගැට නැඟලා.... දෙපා නඟන දා දිවි කතරේ.... තබන්න ඔබ පා නිසි ලෙස මා පුත.... බ

ජීවිතය.......

Image
ලැබීය ප්‍රාණයක්; ගෙන යන්නට සසර මඟ.... ගෙවී යයි නොදැනීම.... කලබලකාරී ලෙසින්; හදාරයි අධ්‍යාපනය; ජීවිතයේ සාර්ථකත්වය දැකීම උදෙසා.... සැබැවින් ම එවිට සාර්ථකත්වයක් ලැබේ ද?.... කිව නොහැක අපට එය.... මන්ද යත්, ජීවයේ අරුත; අප නොදන්නා හෙයිනි.... දැන ගැන්මට උත්සහයක් ද නැති ලෙස ය.... බාහිර සතුට උදෙසා.... අප කෙතෙක් වෙහෙස වන්නේද? නමුදු හදේ සිනහවක් කවදා දකින්නෙහි ද?.... මන්ද යත්, අප; හදට ලං නොවුණු නිසාය.... හදවතේ සැබෑ සිතිවිලි.... අප ට කවටකම් කරන්නට වු සඳ.... ගෙවන මේ ජීවිතය.... කවදා නිමවේ දැයි හැඟෙනු ඇත.... එනමුඳු දැන ගත යුතුය ජීවිතය; වටිනා වස්තුවක් නොවන බව.... අවැසි විට ළඟ තබා ගැන්මටවත්.... නුවුමනා විටක පසෙක ලීමටවත්.... ගෙවා යා යුතුය සැබෑ ලෙස ජීවිතය.... ජීවිතයේ සාර්ථකත්වයක් දකින්නට නම්.......... කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා

ස්ත්‍රිත්වයේ නාමයෙන්....

Image
මිනිසුන් දැක ඇත්තෙමි මම. ඒත් මේ තාක් කල් නොදැන සිටියෙමි; මෙවන් මිනිසුන්ගේ පාරාදීසයක් ලෙස. කුමක් විද? මේ මිනිස් ගතියට.... නොදනිමි මා එය. ස්ත්‍රියක් වූූ පලියට මෙවන් වේදනාවක්, මා කෙසේ ඉවසන්න ද? ආදරය එක් දහමකි; රාගය එහි සෙවණැල්ලක් පමණි. නමුත් රාගය දහමක් වී ආදරය එහි සෙවණැල්ලක් වූවා ද? අහෝ! දෙවියනි, කෙසේ ඉවසන්නද? මෙය.... වෙර දරමි ස්ත්‍රිත්වය රැක ගන්නට, ස්ත්‍රිත්වයේ නාමයෙන්......... කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා

යථාර්ථයේ නාමයෙන්.........

Image
සිහිනයකි ජිවිතය; මතු දිනෙක සැබෑ වෙනා. නොමියෙන ප්‍රාර්ථනා, නව පණක් ලැබදේවි ඒ සිහිනයට. මායාවකි ජීවිතය; සැබෑ ලෙස නොපෙනෙනා.... මනෝ මන්දිර තනන හදවතය; ජීවයේ......... ප්‍රාණ වායුව වන්නෙ නිරතුරුව පුද දෙනා......... දිවියේ ඇරඹුමත් සමඟින් ම, මරණයේ මුවදොර ද; පෙනී නොපෙනී යත්ම, ජීවයේ සැබෑව වටහා ගන්නට තරම්; යථාර්ථවාදී මනසක්, හිමි ව ඇත ඔබට. නමුඳු වැටහේවි යම් දිනෙක; එය ඔබේ මනසට. යථාර්ථයේ නාමයෙන්......... යථාර්ථය අභිමුවේ නොසිලෙන පහන් සිලක් වේවා! කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පහේ ශිෂ්‍යත්ව විභාගයට යන මගෙ රන් දුවේ මගෙ රන් පුතේ.......

Image
මල් කැකුළු වන් මා සුරතල් දුවේ.... මල් කැකුළු වන් මා සුරතල් පුතේ.... හිනැහී සදා මා සනසන් දුවේ.... හිනැහී සදා මා සනසන් පුතේ.... දින දිනේ ලොකු වී.... අද මගෙ පුතේ.... දින දිනේ ලොකු වී.... අද මගෙ දුවේ.... ශිෂ්‍යත්වයයි හෙට මගෙ දුව පුතේ.... පාසැල් ගොසින් නුඹ හපනෙක් ම වී.... ඉගෙනීම නිබඳා.... කළදා දුවේ.... ඉගෙනීම නිබඳා.... කළදා  පුතේ.... මතු දා වාසනා වේ මගෙ රන් දුවේ.... මතු දා වාසනා වේ මගෙ රන් පුතේ.... ශිෂ්‍යත්වයෙන් ඔබ අසමත් වුවත්.... දිරි ගෙන සිතින්.... හැකි වෙර යොදා.... ඉගෙනීම නිබඳා.... කළදා දුවේ.... ඉගෙනීම නිබඳා.... කළදා  පුතේ.... මතු දා වාසනා වේ මගෙ රන් දුවේ.... මතු දා වාසනා වේ මගෙ රන් පුතේ.... මා පිය පැතුම් හැම ඉටු කොට සොඳින්.... රට බබළවා, ලොව බබළවා.... ඔබේ නම රන්දා සිරි ලක් බිමේ.... ඔබේ නම රන්දා මේ මුළු ලොවේ.... පා නගන්නට ලොවට මගෙ රන් දුවේ.... පා නගන්නට ලොවට මගෙ රන් පුතේ.... දිරි ලැබේවා ඔබට සැමදා දුවේ.... දිරි ලැබේවා ඔබට සැමදා පුතේ.... සැම මව්පියනි, සැම ගුරුතුමනි.... රැක ගන්න දරුවන්.... මල් මෙන් සිතා.... නොරිදා ඒ පොඩි සිත් සදා.... ශිෂ්‍යත්වෙ දිනු

කඳුල !!!!

Image
වේදනාවක් මා හදට රිඳුම් දුන් සඳ.... නෙතින් කඳුලු වැල් කඩා හැලිණි....... ඒ දුක්බර රාති‍්‍රයේ.... මා මෙදියතෙහි තනි වුවා වැනි විය....... නොදනිමි ඇයි දැයි එදා මා හැඬූයේ.... මා නොදැනුවත්වම කඳුලක් මෝදු වන්නට.... පටන් ගන්නා සෙයක් දැණිනි....... කිමක් විණිද ඒ සිනහවට; කඳුල රජයන මෙවන් නිමේෂයක.... එදා මා හදවතින් සැනසෙද්දී....... නෙතින් ගලා ගිය සතුටු කඳුලක.... සේයාව දැනුදු මසිතේ සටහන්ව ඇත....... නමුදු නොදනිමි.... කොහේ සැඟවිණි දැයි  ඒ සිනහව....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

ඔබට නැත උපමා සෙබලුුනේ ඔබ හැර....

Image
හිරුට නැත උපමා හිරු හැර.... සඳුට නැත උපමා සඳු හැර.... බිමට බට දෙවිඳුනේ නිසි කළ.... ඔබට නැත උපමා ඔබ හැර.... වෛරයේ යදමින් බැඳුණු සහෝදරත්වයේ රන් දම් වැල්.... රැක ගත් සැටි අපූරුය.... අප ජනතාව.... ඔබගේ දිවි ඇති තුරා.... රණ බිම වෙත පිය නැගීය.... යුද්ධයේ මුවාවෙන් වැළලුණු ඔබගේ අහිංසක තාරුණ්‍යය.... වැළපෙන්නට ඇත; පියෙන ඇසිපිය වාරයක් පාසාම.... නමුදු වීරත්වය; පිසදානු ඇත.... ඔබගේ ඒ කඳුලැල්!!! එවන් නිමේෂයන් තුළ.... මාපියන් හැර දමා; අඹු දරු, පෙම්වත  පෙම්වතියන් තනිකර; ඔබගේ ගෙවූ ඒ අමිහිරි ජීවිතය; නිම වුව ද; පෙම් කරනු ඇත; ඔබගේ ඒ සුන්දර ජීවිතයට.... සැනසුම් සුසුමක් හෙළා; ජීවය හැරදා යන්නට තරම්.... ඔබගේ වීරත්වය උදාරය.... මිනිස් වර්ගයා පටු සීමා වලින් වෙන් වුව ද, එකම මිනිස් කුලයකට අයත්‍ ය.... නමුත් සෙබලුණි.... ඔබ අහිංසකය....... ඔබ අකාරුණික වුවා යැයි නොසිතමි මම.... ඔබ ජීවිතය පුද කර ඇත.... රට දැය උදෙසා.... ඔබට සදා ජය පතමි.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා