Posts

Showing posts from 2016

පුදමි තුති 2016 වසරේ මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දක්වා මා දිරිමත් කළ මා මිතුරු මිතුරියන් සැමට!

Image
I am very thankful that you are viewing my blog in 2016. Of-course, the reality is that this accomplishment couldn’t have happened without you, the readers of my blog. When I sit down to write about the ideas or insights I want to share here, there’s always that consideration in my mind of how this can benefit you. With so many wonderful resources and bloggers out there sharing great content and ideas, I want to make sure that readers are happy with their decision to spend some of their time here on my blog. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations.

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 4K. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations.

ලස්සන දෙසැම්බරේ.......

Image
පොකුරු පොකුරු මල් පිපිලා බලන්න මනරම්.... සීත පවන් රැල් සැළෙනා උඳුවප් මනරම්.... දෙව් විමනක සිරි ගෙනෙනා නත්තල මනරම්.... සොඳුරු සිතුම් හද සැළෙනා කාලය මනරම්.... ගෙවූ මිහිරි දින සතුටින් සිහි වෙයි මනරම්.... ලැබු පැරදුම් විඳි දුක් හැම සිහිකර නොසැලෙන්.... පවුලේ සැම මිතුරන් හා ගෙවමින් සතුටින්.... සොඳුරු හැඟුම් හද සැළෙනා කාලය මන‍රම්.... විඳින්න මේ සීත සොඳුරු කාලය මනරම්.... නැවුම් පැතුම් පොදි බඳිමින් දිරි ගෙන සතුටින්.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

නව වසරේ එළි පත්තේ.......

Image
ගෙවුණු වසරෙන් දිරි ලබා.... ලැබූ ජය පරාජයන් අභිමුවේ.... නැවුම් පැතුම් සිත දරා.... පය තබමු නව වසරට සතොසිනේ.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

ජීවමාන කලාකරුවාණනේ.......

Image
හිරුට නැත උපමා හිරු හැර... සඳුට නැත උපමා සඳු හැර... ඔබට නැත උපමා ඔබ හැර... රටට නැත සම්පත් ඔබ හැර... දැයේ සැම දන සතුට සදමින්... ගයා ගී වැල්... වයා සත් සර... රැඟුම් රැඟුවා සතොසිනේ... ලියා පත පොත සොඳුරු විලසින්... මතු කළා කවි පදත් මනරම්... පුබුදුවා රස හැඟුම් දන මන... තුටු කළා සැම සතොසිනේ... කලාකරුවාණනේ අපගේ... ඉටු කළා ඔබ මෙහෙය ඔබගේ... රට දැයට වාසනාවන් සැමදා... උපහාර වේ මේ කවි මල් කුසුම්... ජීවමාන කලාකරුවන්ට මෙය උපහාරයක් ම වේවා! චිරං ජයතු!...... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

සූරිය වරුණා......

Image
ලොවේ අඳුර දුරු වී.... ළහිරු කිරණ ආවා.... නව දිනක් උදා වී.... උදා සිරිය ආවා.... සියොත් ගී අසාලා.... ලොවම අවදි වීලා.... රන් හිරු රැස් පායාලා.... මල් පෙති සිනහා පාලා.... හිරු කුමරුන් ඇවිදිල්ලා.... නව සිතිවිලි පිබිදී.... නව සැලසුම් වඩලා.... දවසම සරු වේවා!.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා 

සංගීත කලාවේ, හෙළ වෙණ තත අද බිඳිලා....

Image
සංගීත කලාවේ, හෙළ වෙණ තත අද බිඳිලා.... සැමට හොරෙන් ගෙවිලා දුකිනේ.... නළවා අප සැම, බිඳී ගියා ඔබ.... කවුරුන් තනන්නෙ ඔබ වෙණ තත අද දැන්.... නිහඞයි අද ඔබගේ රස ගී සර.... දුකින් හඞනවා ඔබ වෙණ තත අද.... රැව් පිළිරැව් දෙනවා ඔබ ගී නඳ තාමත්.... නළවා, පුබුදා, පිනවා අප දෙසවන්.... විකසිත පෙම් පොකුරු පියුම්.... හන්තානේ කඳු මුඳුන සිසාරා.... ගයන්නෙ කවුරුන් දැන්.... වක්කඩ ළඟ දිය වැටෙන තාලයට.... සන්නාලියනේ සන්නාලියනේ.... ගයන්නෙ කවුරුන් දැන්.... අමයුරු ගී සර නිහඞයි ගී ලොව දැන්.... කවුරුන් එන්නේ දෙව් විමනෙන් අසන්න ගී රස දැන්.... ගීත කලා ලොව ඉකි බිඳිනා හඞ දැනිලාදෝ  දැන් දැන්.... කඳුළැලි ඉනුවා ඇස, හිස කකියා, දුකිනේ හදවත දැන්.... කිරුළ හිමි ගී ලොවේ සැමදා රජුය ඔබ සැමදා.... කිරුළ හිමි හෙළ ගී කෙතේ සැමදා ගොවි රජුය ඔබ සැමදා.... අස්වදා හෙළ ගී කෙතම සැමදා ඔබ දුන්නා බත සැමදා.... සසර වසනා තුරා නැවතත් සැමදා රැක ගන්න අප සැමදා.... හෙළයේ මහා ගාන්ධර්වයාණනි ඔබට නිවන් සුව පතමු! කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

සතුට ඉතිරෙන .... දීපවාලී උත්සවයක් වේවා!

Image
අඳුර දුරු වී පහන් දැල්වෙන අාලෝකයෙන් බබළන, සෞභාග්‍යමත්, සිත් පහන් දැල් වී, සතුට ඉතිරෙන ....  දීපවාලී උත්සවයක් වේවා! Wishing U & Ur Family a Very Happy & Prosperous Deepawali Festival Day!

විනාඩි 5ක් ඉන්නකෝ පැටියෝ....

Image
බිරිඳ : විනාඩි 5ක් ඉන්නකෝ පැටියෝ.... ස්වාමියා : විනාඩි 5 ඉවරයිනේ පැටියෝ.... බිරිඳ : පොඩ්ඩක් ඉන්නකෝ පැටියෝ.... විනාඩි 5, විනාඩි 30, පැය 1, ...... වේවි.... ස්වාමියා : විනාඩි 5න් එනවා පැටියෝ.... බිරිඳ : ඉක්මනට එන්නකෝ පැටියෝ.... ස්වාමියා : මම ඉක්මනට එනවා පැටියෝ.... විනාඩි 5, විනාඩි 30, පැය 1, ...... වේවි.... මුලින් ම එන්නේ කවුරුන්දැයි.... විසඳන්නට ඔබ හට බාරයි....

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
I am very thankful that u are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 3k. Thank u for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations.

වස්සානය ඇවිල්ලා....

Image
සිසිල් පවන් සැල් ගත දැවටෙනා.... සිසිල් පිණි පොදින් විකසිත වෙනා.... තුරුලතා මලින් නැහැවෙනා.... සීත මීඳුම් දුහුල් සළු එළනා.... විහඟ ගී නඳින් පිබිදෙනා.... තුරු හිස් ඵලින් බබළනා.... මිහිමඞලේ නව පණ ලබනා.... සිසිල් හැඟුමින් හද විකසිත වෙනා.... සිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්.... සිත පුරා මල් සිහින පෙනෙනා වසන්තය ඇවිදින්.... ගත පුරා සිසල විඳිනා වසන්තය ඇවිදින්.... මන බඳන සොඳුරු වස්සානය ඇවිදින්.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පුද දෙමු තුටු පඬුරු.... දෙවිඳේ.... වැසි දෙවිඳේ....

Image
නහවා සිසිලෙන්.... මිහිකත සැනසෙයි.... තුරු ලිය පිබිදී.... නව පණ ලබලා.... සැම දන සතුටින්.... සියොතුන් නද දෙයි.... නව මල් පුබුදී.... දෙව් සිරි මවලා.... නැටුවා උඩ පැන.... මින් රළ සතුටින්.... වැව් දිය පිරෙනා.... සැටි දැකලා.... සැම සත සනසා.... දෙන වැසි නිබඳා.... මිහිකත නළවා.... නිසි කල ලැබිලා.... පුද දෙමු බැති මල්.... පුරවා අප හද.... නමස්කාර දී.... තුති පුදලා.... පුද දෙමු තුටු පඬුරු.... දෙවිඳේ.... වැසි දෙවිඳේ.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පායා එන්න.... පායා එන්න.... දේදුන්නේ....

Image
වැසි දියෙන් සිසිල් වී.... විකසිත වූ මා මිහිකතේ.... සියුම් මල් පෙති පිපී.... ලස්සනයි මා තුරු ලතා.... පිබිදිලා සිසිල් මඳ නලින්.... විකසිතයි අද මුළු ලොවම.... සියොත් කැළ ගී ගයයි.... සිසිලසින් විකසිතයි.... හිරු එබී බලමින්... ලස්සනයි අද මා අහස.... විගසින් ම පායා එන්න දේදුන්නේ.... විසිතුරු කරන්න අද මා අහස.... පායා එන්න මා දේදුන්නේ.... මේ විසල් අහසට.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

ඔෂීන්....

Image
කඳුළු අතරින් සිනාසී.... දිරි වඩා විරි වඩා... සැම දුක් පසෙක ලූ.... ලොවක් දිනූ ජපන් ලිය ඔබ.... දිවි ජය ගැන්මට.... එක් මගක් නොව.... බොහෝ මං ඇති බව.... අපට පසක් කළා ඔබ.... වැටෙන විට නැගිටිමින්.... ජය පරාජය සමසේ.... දරා ගත්.... ජපන් ලඳ ඔබ.... කඳුළු අතරින් සිනාසුණු.... දුක සැප සමසේ විඳ ගත්.... තම පවුල සමසේ රැක ගත්.... ගැහැණියයි ඔබ.... ඔබේ කඳුල සිනහව.... රැඳී ඇත සියළු දන හදේ.... ඔබෙන් ලද හැකි දේ අපමණය.... ලොවක් ජය ගත් වීරවරියේ.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

සුජාත දියණී.......

Image
අහර පිසන්නිය විස්මිත රහසින්.... රජු පිනවන්නිය රස අහරින්.... මවිත කළා ඇය.... රස නොබලා පිසු රස අහරින්.... සතුටු කළා සැම.... රජ මාළිගයේ රස අහරින්.... බාධක ආවද.... නොසැලී සිටියා පුදුම ලෙසින්.... ජීවත් වීමේ.... පාඩම පෙන්වා ආදරයෙන්.... දුක් හැම වින්දා.... ජය ලැබුමට ඇය.... රජ මාළිගයේ.... හෙදිය ලෙසින්.... සුවය සදන්නට.... අසරණ දන හට.... ගමට ගියා ඇය.... හිමි සමඟින්.... වෙද ලොව ජය ගත්තා ඇය.... නව සංකල්පයකින්.... දරුවා ලබනා... ගැහැණිය විඳිනා දුක දැකලා.... සුජාත දියණිය ඔබයි චංගුමී.... අපගේ සැමදා හද රැඳෙනා.... ඇයගෙන් ගත හැකි පාඩම් බොහොමයි.... සැම දියණියනේ ඇය නරඹා.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

සුරතල් දුවේ.... සුරතල් පුතේ....

Image
මල් කැකුළු වන් මා සුරතල් දුවේ.... මල් කැකුළු වන් මා සුරතල් පුතේ.... හිනැහී සදා මා සනසන් දුවේ.... හිනැහී සදා මා සනසන් පුතේ.... දින දිනේ ලොකු වී.... මතු දා පුතේ.... පාසැල් ගොසින් නුඹ හපනෙක් ම වී.... ඉගෙනීම නිබඳා.... කළදා දුවේ.... මතු දා වාසනා වේ මගෙ රන් දුවේ.... මතු දා වාසනා වේ මගෙ රන් පුතේ.... මා පිය පැතුම් හැම ඉටු කොට සොඳින්.... රට බබළවා, ලොව බබළවා.... ඔබේ නම රන්දා සිරි ලක් බිමේ.... ඔබේ නම රන්දා මේ මුළු ලොවේ.... පා නගන්නට ලොවට මගෙ රන් දුවේ.... පා නගන්නට ලොවට මගෙ රන් පුතේ.... දිරි ලැබේවා ඔබට සැමදා දුවේ.... දිරි ලැබේවා ඔබට සැමදා පුතේ.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

වහින්න මල් මල් වරුසාවේ..... වහින්න මල් මල් වරුසාවේ.....

Image
මන්ද අහසේ බලා හිඳින්නේ.... දුක්මුසු ලීලාවෙන්.... නහවන්න මා.... ඔබේ සිසිල් දිය දහරින්.... පුබුදන්න මා.... ඔබේ සිසිල් දිය දහරින්.... මල් පලින් බරවූ.... හෙටක් දකින්නට.... වහින්න මල් මල් වරුසාවේ..... වහින්න මල් මල් වරුසාවේ..... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
I am very thankful that u are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 2k. Thank u for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations.

පොත් පිටු අතරේ ගිලී නාන්නට සාහිත මාසේ ආවා.......

Image
බිනර මලින් පිරි.... සාහිත මාසේ ආවා....... පොත් කියවන්නට.... ඒ රසය විඳින්නට.... සාහිත මාසේ ආවා....... සාහිත උළෙලත්.... පොත් සල්පිළෙනුත්.... සාහිත රුචියත්.... එක්වී බැබළෙන.... සාහිත මාසේ ආවා....... මිනිසා සපිරුණු.... වන්නේ යම් සඳ.... ඔහු ඇය කියවිය යුතුමය පොත පත.... නව පොත් ලියවී.... පිට වෙයි නොදැන ම.... ඒ පොත් පිටු අතරේ.... ගිලී.. නාන්නට.... එන්න ප්‍රියේ....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

වැස්ස වළාහක දෙවියනි, දිවැස් හෙළනු මැන.......

Image
ගිඟුම් දී හෙළන්න කඳුළක් අප වෙත.... ඔබේ සිසිලසින්.... නහවන්න අප වියළි ගම් බිම් දෙවිඳුනි.... ඔබේ සිසිලසින්.... සනසන්න මා හෙළ භූමී සතුටින්.... ඔබේ සිසිලසින්.... සරසන්න ඇය සැමඳා.... පිරුණු මල් පලින්.... රැක ගන්න ඇය සැමඳා.... ඔබේ සිසිලසින්.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා