Posts

Showing posts from September, 2017

දෙඅතම අහිමිවයි දිවි මග සරන්නේ.... අඹුදරු රකින මෙහෙවර මේ කරන්නේ....

Image
දෙඅතම අහිමිවයි මෙලොවට උපන්නේ.... කළ පව් තමයි මේ ලෙස මේ ගෙවන්නේ.... සැමදා මෙලෙස වේ ඔහු දිවි ගෙවෙන්නේ.... එළවළු විකුණන්න මේ පිය මනින්නේ.... වවලා බිරිඳ සමඟින් එළවළු නිබඳ.... නෙළලා ගසින් ගස එහි එළවළු සබඳ.... දමලා ගෝනියට ඒවා ගැට ගසා කද.... ගෙන යයි මෙලෙස ඔහු එය පොළ වෙතට අද.... විකුණා එළවළුත් මේ ලෙස දිනේ අද.... ගෙදරට ඕනෑ දේවල් ටික කියපු අද.... දුවටයි පුතාටයි ඕනෑ පොතුත් අද.... ගෙන යයි මුදල් සමඟින් ඔහු සතුට අද.... පියවරු  කෙතෙක්  තව ඉන්නා මෙලෙස ලොවේ.... දෑතම අහිමි වත් තම අඹුදරු රකින ලොවේ.... තම කය වෙහෙසලා සේවය ඒ සදන සුවේ.... නැත සමහර පිය ඇති දෑතම නැත ඒ සේවේ.... දෙඅතම අහිමිවයි දිවි මග සරන්නේ.... අඹුදරු රකින මෙහෙවර මේ කරන්නේ.... ලොවටම වාසනා මේ වැනි පියවරුන්නේ.... මතු අත් භවේ දෙඅතම ලැබ සොඳින්නේ!....   කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පුදුමයි දුටුවොතින් ඔබ ඒ බිළිඳු අද.... කුඩා හිමි නමයි ඒ පන්සලේ අද....

Image
පාළු වීදියේ කසල ගොඩේ පුංචි බිළින්දෙකි, දුකයි අනේ! නෑ කිසි ඇඬුමක්.... නෑ කිසි දෙඩුමක්.... බැල්ලක ඒ අසලින් යන්නේ.... ළංවී සෙව්වා නිබඳව කෑමක්, මේ දැන් දැන්.... දුටුවා බිළිඳු සිරුරේ වෙනසක්, දැන් දැන්.... ළංවී හනික ගත්තා එය.... තම කටට.... දිව්වා හනික.... තම පුතු දුටු මව විලස.... දිව්වේ පන්සලට.... ඒ අසලින් දිවෙන.... නිතරම පිහිට.... නෑ අන් සරණක් මෙමට.... කියමින් දිව්ව.. කිසාගොතමී.... සිහිපත් කරමින් අපට.... බිළිඳුව සෙමින් තියලා බිමට.... මොර දෙන්නට වුණා; තම පුතු මළ ලෙසට.... සැළ කර සිටින්නට වාගේ; මේ පුවත.... වැඩ සිටි හිමි නමක් වැඩියා..  විහාරය.... බලනට මොකද..  පන්සල් බිම විකාරය.... ළං වී හනික..  දුටුවා නෑ විකාරය.... බිළිඳු රැගෙන ඉක්මණට ම.. වැඩියා හිමි සිටි විහාරය.... සුවපත් කළා හැකි ලෙස..  ඒ මොහොතේ ම.... ඉන් පසු ගෙන ගියා..  රෝහල වෙත යාබද ම.... දීලා බෙහෙත් අනෙ ඒ බිළිඳාට.... සුවපත් වුණා බැල්ලට පින් සිදු වෙන්ට.... අද මම පවසලා ඒ දුක්බර පුවත.... සිහිපත් කරමි අගනා ඒ බැල්ල අද.... පුදුමයි දුටුවොතින්

සුරඟන ලොවින් ආවා දෝ මගෙ පුතුනේ....

Image
පැතුමන් ඉටු වෙලා මහදේ හැඟුම්බර.... ආදර සෙනෙහෙ ගඟ ගලලා සෙනෙහෙබර.... මේ සසරෙදිත් හමු වීලා පැතුම්බර.... සිත් මල් යා කළා සතුටින් දයාබර.... හද වේදනා දුරු වී සිත සතුටින් දැන්.... අප ළං වෙලා ආදරයෙන් සතුටින් දැන්.... අප දැන් එක් වෙලා බැඳුමෙන් රන්හුයකින්.... මගෙ ලෝකයම ඔබමයි හිමියනි මේ දැන්.... සුරඟන ලොවින් ආවා දෝ මගෙ පුතුනේ.... සුුරතල් සිනහ හඬ අප දෙහදේ රැඳුනේ.... පුන් සඳ විලස දිලි දිලි අප හද උයනේ.... දින දින ලොකු වෙන්න හනිකම මගෙ පුතුනේ.... පියුමන් පිපී මා සිහිනේ පොකුණු සලා ... කිරි සුවඳින් පිරි පුුතු මුව සිනහ සිලා.... ඒ සුවඳින් අපෙ ලොව අද පහන් වෙලා.... මතු දා වාසනා වේ ආසිරි සෙමෙර සලා.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

ඉකිබිඳින සිත.......

Image
ගොළු වූ මසිත ඉකිබිඳින හඬ ඇසී බැලීමි. යළි ඔබේ සෙවණැලි; මහද පෙනී නොපෙනී යයි.... ඔබේ සිනහවන්, කථාවන්; යළි මසිත ට එබිකම් කරන්නට හදයි.... දොරඟුළු දැමූ මහද සිතිවිලි; යළි කාටත් හොරෙන් මහද අද්දරට වී; ඉකිබිඳින්නට වෙර දරයි.... කුමක් කරන්නද කියා සිතාගත නොහැක මට.... ආදරයේ නාමයෙන්.. ගොළු වූ මසිත.... වැළපෙන්නට නොදී; රැක ගන්නට සිතේ.... නමුදු ගලනා ආදර ගඟුලේ.... සිතිවිලි හමුවේ; මහද අසරණය.... ඔබට බැඳි සෙනෙහසේ නාමයෙන්.... කඳුළක් මෝඳු වන්නට දඟලයි.... ඔබ ළඟින් හිඳ ඔබට, තුරුළු වන්නට සිතේ.... ඔබව යළි දකින්නට; මහද බලා සිටිනා සැටි.... ඔබට දැනේ නම් යයි; සිත හඬා වැටේ.... යළි පෙර මෙන් එක්වන්නට ඇත්නම්.... මහද ඔබ යළි එනතුරා බලා හිඳී.... ඔබ ළඟින් හිඳ සැනසෙන්නට, ඔබ මගේ ම වන්නට සිත පෙරුම් පුරයි.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

අම්මේ, මේ බලන්නකො; දැන් මං උස ම උසයි....

Image
ඒ අය තරම් මම නෑ උස නෑ        කිව්වා.... අයියලා ටික ම මට මග දී බොරු කිව්වා.... ඇයි දැන් මමත් ඒ උසට ම සම කෙරුවා.... අම්මේ, මමත් දැන් උසනේ දැන්  කිව්වා.... එන්නට කියන් අම්මේ      ඒගොල්ලන්ට.... මම කොච්චර උස ද එය සිහියට    ගන්ට.... අම්මට වැඩිය තව පොඩ්ඩයි උස වෙන්ට.... ඇත්තේ අම්මෙ, ඉක්මණට ම උස යන්ට.... අම්මා තරම් උස වීලා උසට            උසයි.... මේ දැන් යන්න ඇත්නම් ඒ ගමන අගෙයි.... උස ගස් පවා දැන් මා ළඟ හරිම  කොටයි.... අම්මා කොටයි දැන් ටික ටික මං  උසමයි.... අම්මේ, මේ බලන්නකො; දැන් මං උස ම උසයි.... අහසත් අල්ලන්න ළඟමයි,           උස ම උසයි.... සීයාට ආච්චිට වැඩියත්                 උස ම උසයි.... දැන්නම් ඉතින් හැම දෙනට ම වැඩිය       උසයි.... මගෙ සුරතල් පුතේ දඟලන    උස යන්න.... අහගනු සොඳින් තව ටික ටික උස යන්න.... නොසිතන් හනික උස යන්නට දඟලන්න.... නිසි කළ උස යාවී පුතුනේ   සැනසෙන්න.... උසට උස වුනත් පුුතුනේ වැඩ          නැත්නම්.... කුමට ද පුතුනි, එය දැන ගත යුතු පුත      නුඹ නම්.... කළ පැමිණිලා උස යයි මගෙ පුතු   හොඳ නම්.... පාවඩ එළා ගරු සරු කරවයි ඒ ව

දෛවය?

Image
මිනිසුන් දිටිමි මම. කිසිඳු හැඟීමකුඳු ඇති නොවුණි. ඔහු දුටු පළමු දිනයේ ම.... ඇති වුණි අමුතු හැඟීමක්. පෙර අත් බැව්හි හමු වූ සේයාවකි....... කිමද මේ අරුම! ඔහු හට මගේ සිත බැඳී ගියේය. නමුත් ඔහු නොදත් මෙය මා කෙසේ පවසන්නෙම් ද? ඔහු නැවත හමු නොවුණි. කෙදිනක ඔහු හමු වේවිද? දෙවියනි; නොදනිමි මා එය. කෙසේ සකසා ගන්නෙම් ද? අහෝ! මගේ හදවත. උත්සහ ගනිමි. (මගේ පන්හිඳට පණ දුන් පළමු නිසඳැස හෙවත් මගේ කවි සිතට ජීවය ලැබුණු දවස) කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

සිඟිති මුවේ ටිකිරි සිනා.... බිළිඳු සිතේ මෙත් සිසිලා....

Image
සිඟිති මුවේ ටිකිරි සිනා.... බිළිඳු සිතේ මෙත් සිසිලා.... සුරතල් දඟ වැඩ තාමත්.... සිවුර හිමිට බර වැඩිදෝ.... නිකමට මෙන් මට සිතුණා.... දුටුවා ඔබ මේ විලසින්.... කුඩා හිමියනේ සතුටින්.... කුමක් දැකලාදෝ මෙලෙසින්.... සිනාහා සලන්නේ.... සිවුර කොනක් අල්ලමිනේ.... මහ හිමි නමක් විලසට.... මතු දා ඔබෙ හැසිරීමත්.... කියාපාන්නේ.... අනිත් හිමියනුත් සමඟින්.... දානයක ට වැඩලාදෝ.... ඔබ ගෙදරින් පැමිණි පසුව.... අද මගතොට වඩිනවදෝ.... පාසැල් යන ඔබේ වයසෙ.... කුඩා පුතෙක් දැකලාදෝ.... නිකමට මෙන් මට සිතුණා.... පුංචි මල්ලි එක්කල දැන්.... සෙල්ලම් බෑ පන්සලේ.... එයා ගෙදර තනියෙන් ඇති.... අම්මා එක්ක තනි වෙලා.... ඔයා බලන්නට එන්නම්.... පුංචි මල්ලියේ.... ඉක්මනට ම ලොකු වීලා.... උදේ ම මා පිබිදීලා.... හොඳට ගාථා කියවනවා.... මිදුල ඇමදලා අයෙත්.... හොඳට ගාථා කියවනවා.... ලොකු සාදුට හවස් යාමේ.... පාඩම් දෙමි ඒ ගාථා.... සොඳින් ඉගෙන ඒ ගාථා.... වියත් හිමි නමක් වීලා.... ගමත් නගා රටත් නගා.... ලොවත් නගන්න ට හිමියනි.... පතමි ඔබ ට වාසනා!.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

නිල් ම නිල් අහසක්....

Image
ලස්සනයි අද අහස බොහෝ සේ.... නිල් ම නිල් පාටයි.... හිරුගේ උණුසුම් රැස් දහරින්.... විකසිත වෙලා.... නෑ එකම එක සුදු වළාවක්.... නිල් සයුර සේ.... ලෙළ දේ මිරිඟු රැස් දහරා.... රඟන සයුරු රළ සේ.... මුළු රට ම විකසිත වෙලා.... හිරුගේ උණුසුම් රැස් දහරින්.... සතුටු සිනාහා ගලා.... ගං වතුර යයි සිඳීලා.... සනසලා මගේ උතුම් රට සදා.... ළඟ ඉන්න හිරු දෙවියනේ සෑමදා.... වැසි දෙවිඳු සමඟින් ම.... මතු මතුත් තනි නොකර ඇය.... අවැසි සේ වැසි ලැබී.... අවැසි සේ හිරු හිඳී.... මගෙ රට ම සතුටින් හිඳී.... නිල් අහස සතුටින්මමයි.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
දැනට 11,000 ට වඩා මාගේ නිර්මාණ බලා  රස විඳ  ඇති බව සතුටින් දන්වමි.  මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා අගේ කොට සිහිපත් කරමි.... I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 11 K. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve m y creations....

සුවඳ දේවා මතු මතුත්.... පතළ වීලා පන්හිඳේ අසිරිය!....

Image
දැයක් නළවා.... ලොවක් නළවා.... පන්හිඳෙන් විස්කම් කළෝ.... වඳින්නෙමි මම්.. ඔබ දෙපා.... පුදන්නෙමි මම්.. ඔබ දෙපා.... ඇරඹුමට ඔබෙ ගුණ ගයා.... ලෙයින් කඳුළින්.... සිනහවෙන්.... හැඩ කළා ඔබ කවි ගොතා.... හැඩ කළා ඔබ නව කතා.... හැඩ කළා ඔබ කෙටි කතා.... ලස්සනයි ඔබ ලියු කතා.... මනහරයි ඔබ කවි පොතා.... ලස්සනින් ඒ ලියු කතා.... ලස්සනින් ඒ ලියු කවෙන්.... මතු වුණා නව රැඟුම් වැයුමන්.... ඔබ ලියූ ඒ පොත පතින්.... නිවාලා අප දැනුම් පවසත්.... දැනේ ඔබ මට සෑමදා.... ඇඳුරුතුමියක් සේ.... සතපලා මසිත සෙනෙහසින්.... මවක් වූවා ඔබ එදා.... පුරවලා මසිත සවිබලින්.... පියෙක් වූවා ඔබ එදා.... ගෙන ගියා මා සොඳුරු විමනක් බලා.... නිවමිනා මහදේ විඩා.... දැනේ ඔබ මිතුරෙක්ම සේ.... නිවාලා මහද වේදනා.... මිතුරෙක් ම වූවා ඔබ එදා.... තබාලා මා සතුටිනා.... මිතුරෙක් ම වූවා ඔබ එදා.... ඔබ ලියූ ඒ පොත පතින්.... ගෙන යමින් සොඳුරු මං සොයා.... අප සැවොම තනි කරමිනා.... සඟවමින් අතීත මං සොයා.... කඳුළු සිනහා මතු කළා.... සැබෑ මිතුරෙක් ලෙස එදා.... ඔබෙන් ලද ඒ දැනුම වටිනා.... ඔබෙන් ල

හොඳම වෙදතුමිය ඇය ඒ වසරේ ම.......

Image
ඉන්නව ඇඳන් ළඟ මව්වරු දෙන්නෙක් ම.... දරුවා බිහි කරන දින නියමයි අද හෙට ම.... මේ මව ගෘහණියකි නිරතුරු නිවසේ ම.... අර මව වෙද තුමිය මේ ඉස්පිරිතාලේ ම.... එකවර කෙඳිරියක් ඇඳ ළඟකින් ආවේ.... මුල් මව සිටි ඇඳෙන් ඒ කෙඳිරිය ආවේ.... ළඟ ම සිටි හෙදිය බිය වී කඩිමුඩියේ.... බැලුවා ළං වෙලා මොකදැයි හිටිහැටියේ.... විමසා ඇගෙන් මන්දැයි ඒ හඬ ඇසුනේ.... තිරණෙ කළා මන්දැයි ඒ හැඳිනමිනේ.... කළබල වෙලා ගෙන ඇමතුම ඉක්මණිනේ.... සැළ කර සිටිය වෙද හට සිටි නිසි අසුනේ.... වෙද තුම එමින් සිටියා මග ටිකක් දුර.... ළඟ සිටි අනිත් මව බැලුවා මොකද අර.... ඒවන විටත් ඇය සිටියේ මහත් බර.... වේදනාවක ගියා එය අද ගොඩක් දුර.... හැඳින විගස වෙද මව තම කුස ඔසවා.... නැඟිටින ගමන් ළඟ සිටි හෙදියව කැඳවා.... සුදානම් කළා ඊළඟ දේ මොනවා.... දැනි දැනි තම කුස තිබූ වේඳනාවත් සඟවා.... විගසින් ගියා ඇය ප්‍රසූතගාරය ට.... කැඳවා හනික උපදෙස් දී හෙදියන් ට.... පටන් ගත්තා සේවය ඇගෙ කැප වෙන් ට.... දරුවා බිහි කළා මව පින්සිදු වෙන් ට.... වෙදදුරුවරිය දැක සුරතල් බිළිඳු වත.... වැතීරී සිටිය එතනින් විත්, ඇගෙ යහන මත.... දඟලන්න ට වුණා ඇය හෙමිහිට යහන මත..

මගෙ ඇත් රජුනේ.......

Image
පුතෙක් විලසින් ම හැම දින මට දැණුනේ.... දරු සෙනෙහසින් පිරිලයි මා ළය පිදුනේ.... එදා මෙන් ම හීලයි.. මට නම් නෑ.. නපුරු වුනේ.... මගේ ඇත් රජුනි.. නිදියන් ඉතින්.. දැන් සංතොසිනේ.... උඹේ ළඟින් හැමදාමත් මම ඉන්නම්.... නපුරු දනන්ගෙන් පණ මෙන් රැක ගන්නම්.... පියතුම වගේ ඔබ හට නිති දිරි දෙන්නම්.... මව්තුම වගේ ඔබ වෙත ආසිරි දෙන්නම්.... තනියට මගේ දිවි ගමනට එකතු වෙලා.... උඹ තනි රකියි මගෙ ලෝකයෙ පහන වෙලා.... වැරදීමකින් මම බැන්නොත් නපුරු වෙලා.... නොතැවෙන් මගේ ඇත් රජුනේ සමා වෙලා.... දින දින ගෙවී ලොකු වීලා තරුණ වෙලා.... උඹ සද්දන්තයෙක් වීලා හෙට දවස බලා.... පා තබනා දින මා ඇත මහළු වෙලා.... සළකාපන් එදාට මා ළඟට වෙලා.... මේ අහපන් මගෙ රජුනේ ළං වීලා.... මා මැරුනොතින් යම් දිනකදි මහළු වෙලා.... නොහඬා ඉඳින් පුතුනේ මට ළං වීලා.... පරිස්සමෙන් ඉඳපන් උඹ නොවී මුළා.... පියතුම වගේ මා හට අද තනි රකිනා.... පියතුම නුඹයි ඇත් ගොව්වනි මා රකිනා.... යන්නට සිතෙනමුත් මට හැම විට නිතිනා.... කොහොමද යන්නෙ හැරදා නුඹ මා රකිනා.... ආසිරි සළා මගෙ හිස අත ගා නිතින.... ආහර සොයා මා වෙත ගෙන එන නිතින.... අම්මා වගේමයි මා හැ

අම්මා ඒවි ඉක්මණට ම දුවලා දැන්.......

Image
සුරතල් සිඟිති මුව විදහා බලන්නේ.... ඇස් දෙක කිමද ලොකු කර කර බලන්නේ.... තනියම ඇයි ද මේ කොයිබ ද ඔබ එන්නේ........ අම්මා නැද්ද එන විට ඔබ හට බැන්නේ.... අම්මා හදනවා ලස්සන කේක් එකක්.... උපන් දිනේටයි මාගේ නොවී සැකක්.... අනිද්දාලු එන්නේ ඒ දවස හුඟක්.... වටිනව මටත් එනවද උඹ නොදී දුකක්.... අම්මා කොහේද උඹෙ හඳයෝ කොහෙද ගියේ.... බිව්වේ නැද්ද කිරි ටික ටික අද උදයේ.... ඇයි මේ දුකින් ඉන්නේ උඹ ඇයි හඳයෝ.... දන්නෙම නැද්ද අම්මා ඇයි කෝ හඳයෝ.... අම්මා කොහෙද දන්නේ නෑ මා තාමත්.... කිරි දීලා තුරුලට ගෙන ඊයෙ රෑත්.... මා නිඳි කළා හුරතලයට ඊයෙ රෑත්.... අම්මා තවම හොයනව මේ නෑ තාමත්.... අඬන්නෙපා හඳයෝ උඹ දුක් වීමෙන්.... අම්මා හනික එයි මේ දැන් තව ටිකකින්.... නැත්නම් අපේ අම්මාටත් කියමු ඉතින්.... අම්මා හොයලා දෙයි පොඩ්ඩක් ඉන්න ඉතින්.... තාම නැහැනෙ ඇය ආවේ නේද හඳයො.... දුවලා ගිහින් මා එන්න ද හනික හඳයො.... අපෙ අම්මා ඇවිල්ලා දැන් හොයලා දේවි.... නාඬා ඉන්න ඉතින් හඳයො අම්මා ඒවි.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

වැසි දෙවිඳුනේ, හිරු දෙවිඳුන් හා මිතුරුව සනසාපන් මේ උතුම් සිරිලක.......

Image
පායා එන්න.. පායා එන්න.... හිරු දෙවිඳේ.... මේ දුක් අහසට.... අනෝරා වැසි වැටී.... නාය යන්නට හදන මා සියළු ගම් බිම් දෙවිඳුනි.... විකසිත කරන්න.. විකසිත කරන්න.. මගේ මේ මිහිකත.... සියලු දන හද සනසා.. පායා එන්න.. පායා එන්න.. විගසින්ම.. විගසින්ම.. පුබුදු කරනු මැන.. පුබුදු කරනු මැන.. මගේ ලක් මාතාව.. ඔබේ උණුසුම් රැස් දහරින්...... රැක ගනු මැනව.. රැක ගනු මැනව.. මගේ ලක් මාතාව.. පෙර රැකූ ලෙසටත් වඩා.. මහත් අදරින්.. මහත් අදරින්....... දිවැස් හෙළන්න.. දිවැස් හෙළන්න.... වැසි දෙවිඳේ.... මේ දුක් අහසට.... නහවන්න අප වියළි ගම් බිම් දෙවිඳුනි.... ඔබේ සිසිලසින්.... විකසිත කරන්න.. විකසිත කරන්න..  මගේ මේ මිහිකත.... සියලු දන හද සනසා.. පිහිනා එන්න.. පිහිනා එන්න.. විගසින්ම.. විගසින්ම.. පුබුදු කරනු මැන.. පුබුදු කරනු මැන.. මගේ ලක් මාතාව.. ඔබේ  සිසිල් දිය දහරින්.. රැක ගනු මැනව.. රැක ගනු මැනව.. හිරුගේ උණුසුම් රැස් දහරින්.... මගේ ලක් මාතාව.. පෙර රැකූ ලෙසටත් වඩා.. මහත් අදරින්.. මහත් අදරින්....... අහිංසක මිනිස් ජීවිත බිලි නොගෙන.. දැන්වත් නවතනු මැන

සැබෑ ආදරය.......

Image
දෑත් දෙපා අහිමි වුනත්.... හදවත පෙම් බැන්ද සෙනෙහෙ.... නෑ අඩුවක් නම් වීලා.... එදා වගේමයි තාමත්.... ඔබ මා ඇත එක් වීලා.... ඔබගේ සිත් මල් සුවඳින්.... මහද පියුම් විකසිත වී.... ආදරයෙන් තව ළං වෙයි.... ඔබ තුරුලෙහි නැළවෙන්නට.... දසතම ඒ මල් සුවඳින්.... පිබිදීලා සැනසීලා.... අපේ ලොවෙහි සතුට විඳිමු.... ආදරයෙන් සැනසීලා.... සංසාරෙන් සංසාරෙට.... ඉන්නට ඇති හැමදාමත්.... ඔබ මා ළඟ එක් වීලා.... අහිමි වුනත් දෑත් දෙපා.... නෑ අඩුවක් මා සෙනෙහේ.... රැක ගන්නම් ඔබව සදා.... ආදරයෙන් පෙර විලසම.... නොසැලෙන්නම් කිසිම විටෙක.... කෙතරම් බාධක ආව ද.... සැතපෙන්නම් ඔබේ ළඟ ම.... සිනහව ඔබ හට පුදලා.... ආදර ගඟුලෙහි නැළවෙමු.... සතුටින් අප එක් වීලා.... හැමදාමත් ඔබේ වැඩට.... සතුටු වෙලා දිරිය වෙලා.... අපේ ඔරුව පැදගෙන යමු.... ජීවන ගඟ එතෙර බලා.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

මිනිස්කමේ නාමයෙන්.......

Image
  මෙලොව පවතින දහමක් වේද, ඒ උතුම් වූ ආදරයයි. සදාතන ජීවයේ ප්‍රාණ වායුව; ඒ සත්‍ය ප්‍රේමයයි. මිනිස්කම නෙතින් දකිනා ඒ උත්තරීතර මනුෂ්‍යයාට, නැතහොත් ශ්‍රේෂ්ඨ යයි හංවඩු ගසන මිනිසුන්ට, ඔහුගේ සත්‍ය වූත් පිවිතුරු වූත්, හද ගැබ විවර කළ යුතුය. නමුත් එසේ නොවුණහොත්; ඔහුගේ එම හද ගැබද මිනිස්කම නොදැකීමට ඉඩ ඇත. කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පොත් පිටු අතරේ ගිලී නාන්නට සාහිත මාසේ ආවා.......

Image
බිනර මලින් පිරි.... සාහිත මාසේ ආවා....... පොත් කියවන්නට.... ඒ රසය විඳින්නට.... සාහිත මාසේ ආවා....... සාහිත උළෙලත්.... පොත් සල්පිළෙනුත්.... සාහිත රුචියත්.... එක්වී බැබළෙන.... සාහිත මාසේ ආවා....... මිනිසා සපිරුණු.... වන්නේ යම් සඳ.... ඔහු ඇය කියවිය යුතුමය පොත පත.... නව පොත් ලියවී.... පිට වෙයි නොදැන ම.... ඒ පොත් පිටු අතරේ.... ගිලී.. නාන්නට.... එන්න ප්‍රියේ....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා